Ads 468x60px

.

මත් කුඩු පාර්සලයට මගේ සම්බන්ධයක්‌ නෑ - ඇන්ජලා කියයි

ඇන්ජලා පදිංචිව සිටි නිවෙස විදෙස්‌ සංචාරකයන්ගේ තිප්පොළක්‌ලු ...

මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඇති හෂීස්‌  පාර්සලයට අදාළව තමන්ගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ද මාධ්‍යවල පළවන පුවත් පිළිබඳ කනගාටු වන බවද ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (20 දා) ප්‍රකාශ කළාය. 

"මගේ චරිතය ඝාතනය වන ආකාරයේ පුවත් මේ දවස්‌වල ප්‍රචාරය වෙනවා. මේ කතාව ගැන මම කිසිම දෙයක්‌ දන්නේ නැහැ. ඔය පාර්සලය එවා තිබූ බව කියන 67, හඩ්සන් පාර, කොළඹ 03 ලිපිනයේ මම අවුරුදු දහයකට කලින් පදිංචිව සිටියා. ඉන් පසු ඒ නිවස කුලියට ගත්තේ කවුද... දැන් පදිංචිව ඉන්නේ කවුද කියා මම දන්නේ නැහැ. 


මම කවදාවත් තැපෑලට මේ වගේ ලිපියක්‌ දීලා නැහැ. මම පදිංචි වෙලා ඉන්නේ වෙනත් තැනක. එහෙමනම් මට පාර්සලයක්‌ එවනවා නම් ඇයි මම පදිංචි නැති තැනකට යන්නේ. මේ ප්‍රශ්නවලට මට උත්තර නෑ. මාධ්‍යවල පළවන ලිපි ගැන මම කනගාටු වෙනවා... යෑයි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.


ඇන්ජලා පදිංචිව සිටි නිවෙස විදෙස්‌ සංචාරකයන්ගේ තිප්පොළක්‌ -අවට ජනතාව

කොළඹ 03, හඩ්සන් පාරේ පිහිටි ඇන්ජලා
සෙනවිරත්න මහත්මියට අයත් නිවස...
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පදිංචිව සිටි කොල්ලුපිටියේ හඩ්සන් පාරේ පිහිටි අංක 67 නිවස විදේශීය සංචාරකයන්ගේ තිප්පොළක්‌ බවට පත්වී තිබූ බව එම නිවස අසල පදිංචිකරුවන් පිරිසක්‌ ඊයේ (20 වැනිදා) සවස පැවසූහ.

මෙම සංචාරකයන්ගෙන් වැඩි දෙනකු තරුණ ජෝඩු බව ද ඔවුන් නිතරම මෙම නිවසේ උත්සව පවත්වා විනෝද වන බව ද ඔවුහු කියා සිටියහ. ඔවුන් නිතරම හායි... බායි කියා අසල්වාසීන් අමතන බව කී එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ද පැවසුවේ අංක 67 නිවස අයිතිකරු පිටරට පදිංචි වී සිටින බවය.

මෙම නිවස ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීවීල් රියක රියෑදුරකු කීවේ මෙම නිවස පරීක්‍ෂා කිරීමට පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙහි පැමිණි බවය.සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය මෙම නිවසේ වසර දහයකට පමණ උඩදී පදිංචි වී සිටි බව ද ත්‍රීවීල් රියෑදුරකු අපට කීවේය.

මෙම නිවසට අප යන විටදී වසා දමා තිබූ අතර නිවසේ කිසිවකු නොසිටියේය.නිවසට ඉදිරිපස සහ දකුණුපසින් ප්‍රධාන ගේට්‌ටු දෙකක්‌ තනා තිබිණි.




ඇන්ජලාගේ ප්‍රකාශය පොලිසිය පිළි නොගනියි
ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ කොල්ලුපිටියේ ලිපිනයට ලැබුණු හෂීස්‌ පාර්සලය පිළිබඳව ප්‍රකාශයක්‌ කිරීමට ඇය ඊයේ නීතිඥවරයකුගේ මාර්ගයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණි නමුත් පොලිසිය එය ප්‍රතික්‍ෂේප කර ඇත.

මත්කුඩු පාර්සලය පිළිබඳව තමාගේ නම ගෑවීම නිසා මෙසේ පොලිසියට පැමිණි බව ඇය සඳහන් කළාය.
 
Related Posts with Thumbnails