Ads 468x60px

.

ඔහේට මොනවහරි කියන්න තියෙනවනම් කෙළින්ම මට කියන්න - දෙරණේ ලොක්කෙක්

සවීණා වාගේ බඩවැල් ටෙලිවල අපට රඟපාන්න වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය හොඳ නැති නිසා...

 සවීණා ටෙලිය කොටස් 150 ක් පසුකර යාම නිමිත්තෙන් පසුගියදා එයට දායක වූ කලාකරුවන් හා දෙරණ නාලිකාවේ ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් පුංචි පහේ සාදයක් පැවැතිණි.


සාදය පුංචි වුවද මේ සඳහා සැර බීමද මදි නොකියන්නට තිබූ බවද පැවසේ.
මෙලෙස සාදය පැවතීගෙන යද්දී ‘සවීණා’ ටෙලිය ගැන ගුණ කථනයක් කිරීමට එහි නිෂ්පාදකයාට අවශ්‍යවී තිබේ.
පසුව එම ටෙලියේ රඟපෑ ජ්‍යෙෂ්ඨ නළුවකු වන ඩබ්ලිව්. ජයසිරිට එම අවස්ථාව ලබාදීමට නිෂ්පාදක ජී. නන්දසේන තීරණය කර ඇත.
ඒ අනුව, මධුවිතින්ද පදම්ව සිටි ඩබ්ලිව්. ජයසිරි මෙලෙස සිය කතාව පවත්වා තිබේ.

‘සවීණා වාගේ බඩවැල් ටෙලිවල අපට රඟපාන්න වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය හොඳ නැති නිසා. අපිත් ජීවත්වෙන්න මොනවහරි කරන්න ඕන. ඒත් මේකත් ඒකට ඒ තරම් ප‍්‍රමාණවත් නැහැ. කොහොමවුණත් මේකෙ නිෂ්පාදකට මම වරක් දෙවරක්ම කිවුවා. අපිට කීයක් හරි වැඩිකරල දෙන්න කියලා. ඒත් එයා කිවුවේ දෙරණේ ලොක්කෝ ගණන් වැඩි කරන්නේ නැති නිසා එහෙම කරන්න බැහැ කියල.’

කෙසේවුවද මේ කතාවත් සමගම දෙරණ ප‍්‍රධානීන්ගේ මුහුණු ඇකිලීගිය බවද පැවසේ.ඒ අවස්ථාවේදී මෙයට ප‍්‍රතිචාර නොලැබුණද පසුව මේ සඳහා දෙරණේ ලොක්කෙක් නිෂ්පාදක ජී. නන්දසේනට දුරකථන ඇමතුමක්දී පවසා ඇත්තේ ‘ඔහේට මොනවහරි කියන්න තියෙනවනම් කෙළින්ම මට කියන්න. ඔය නළුවන්ට කියල කිවන්නේ නැතුව’ යනුවෙනි.

පසුව එතැනින් නොනැවතුන දෙණේ ලොක්කා සවීණා ටෙලිය විකාශයවූ කාලයද වෙනකෙකුට ලබාදී තිබේ.
 
Related Posts with Thumbnails