Ads 468x60px

.

දමිතා අබේරත්න අලුත් වෙනසට සුදානම් වෙනවාලු.

ඒවා විහිළු කතා. ඔය කියන නිළියෝ කී වතාවක් නම් විවාහ වෙලා තියෙනවද...

වෙනසක් සිදුවේයැයි සිතුවද එය එසේ සිදු නොවුණි. ඇය කීවේම ඒ වෙනස සිදුවෙන බවය. කෙසේ වෙතත් ගෙවී ගිය අවුරුදු කාලේ අපට ආරංචි වුයේ ඒ වෙනස සිදුවෙන බවයි. ඒ නිසාම අප ඇය සොයා ගියෙමු. 

ඒ දමිතා අබේරත්නය. දශක තුනක් රංගන ශිල්පිනියක ලෙස පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැඟුම් ගත් දමිතා අබේරත්නගේ අලුත් වෙනස ගැන තතුවිමසන්නට අපි මෙලෙස දොඩමළු වුනෙමු. 


දමිතා විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඇත්ත. අවුරුදු නමයක පේ‍්‍රම සම්බන්ධයකින් පස්සෙයි මම විවාහ වෙන්නේ. මේ දවස්වල ඒකට සුදානම් වෙනවා.

කවුද ඒ වාසනාවන්තයා.. 

හැමදේම කියන්නම්, හැබැයි නම කියන්න බැහැ. ඒ තරම් විශ්වාස මිනිස්සුත් එක්කනේ අපි ජීවත්වෙන්නේ. වෙඩින් එකට දවසකට කලින් මම කියන්නම් කවුද කියලා.

කොහොමද ඔයාල මුණගැහුවුණේ…
ඒක අහම්බයක්. එයා පොඩි කාලේ ඉදලා හිටියේ පිට රට. එංගලන්තයේ ඉගෙනගෙන දැන් ඩුබායිවල ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරවලට එයාට නිරූපිකාවක් අවශය වී තිබුණා. ලංකාවේ ආයතනයකින් නිරූපිකාවන්ගේ දුරකථන අංක ලැයිස්තුවක් යවලා. වැරදිලා එතන මගේ අංකයත් තිබිලා.

ඇරඹුමම වරදින කොට බය හිතුනේ නැද්ද ?
එ්ක තමයි දෛවය. ඒක නොවැරදුනා නම් අවුරුදු නමයක් අපට ආදරයෙන් ඉන්න ලැබෙන්නේ නෑ. එයා මාව තේරුම් ගත්ත කෙනෙක්. ඒත් අපි අතරේ ප‍්‍රශ්න ඇති කරන්න නිර්ණාමික ඊ මේල් ලිපිනවලින් නොහොබිනා වැඩ කළ පිරිසකුත් මේ ක්ෂේත‍්‍රයේම ඉන්නවා. ඒ කාටවත් අපි අතර  ප‍්‍රශ්න ඇති කරන්න බැරිවුණා. ඇරඹුම හරිගිහිල්ල පස්සේ වරද්ද ගත්ත අයත්  ඕන තරම් ඉන්නවනේ.

විවාහය කියන දේ ඔබට දැනෙන්නේ කොහොමද ?
කලාකාරියක් කියනවට වඩා කාන්තාවක් කියන අරුතෙන් බලද්දී මටත්  ඕන විවාහවෙලා හොද පවුල් ජීවිතයක් ගත කරන්න. අපි තේරුම් ගත්ත අය නිසා නහින කහින ඒවට අහුවෙන්නේ නෑ. ඒත් අද සමහරු කිහිප වතාවක් විවාහ වෙනවා. ඍතු භේදය වගේ. අනේ මන්දා මොකක් වරද්දගෙනද මම දන්නේ නෑ.


ඔබට වැරදිලාම නැද්ද ?
මම විවාහය නම් වරද්ද ගන්නේ නෑ. මටත් ජීවිතේ වැරදුන තැන් තියෙනවා. ඒත් අතීතය අනාගතයට බාධා වෙන්න  ඕන නෑ. ගොඩක් අය කරන්නේ ජීවිතේ හෙළුව වහගන්න එක. මට එහෙම වුවමනාවක් නෑ.

නිළියන්ගේ පවුල් ජීවිතය අවුල් කරනවා කියලත් ඔබට චෝදනාවක් තියෙනවා නේද?
ඒවා විහිළු කතා. ඔය කියන නිළියෝ කී වතාවක් නම් විවාහ වෙලා තියෙනවද. තමන්ගේ පවුල් ජීවිතය විනාශකර ගත්තම ඒවට පැත්තක ඉන්න අපි පළිද. මම ඔය කියන මිනිස්සුන්ට  ඕන තරම් උදව් කරලා තියෙනවා.

ඔබ නිළියකට හුනියම් කරා කියලත් ආරංචි වුණා.
කාට හරි වින කරනවනම් මුලින්ම කිලිටි වෙන්නේ අපේ හිත. එයාට හුනියම් කරා කියලා මම මොනවා ලබා ගන්නද. ඔලූව තියෙන මිනිසසුන්ට තේරුම් ගන්න දෙයක් තියෙනවා. මම ඒ නිළියට හූනියම් කරා නම් එයාගේ අම්මටත් කරලා තියෙන්න  ඕන. 

හේතුව එයාගේ අම්මටත් ඒ ප‍්‍රශ්නෙම තියෙනවා. මම ආසයි මම හුනියම් කරා කියන කට්ටඩියෝ ටික හම්බවෙන්න. පෙර ආත්ම වල අනුන්ට කථා හදපු  අයටලූ ඒ වගේ ප‍්‍රශ්න තියෙන්නේ. එක එක්කෙනාට හූනියම් කරනවා තියා මගේ වැඩක්වත් කරගන්න මට වෙලාවක් නෑ.

ඔබට  ක්ෂේත‍්‍රයේ යාළුවෝ නැද්ද ?
ගොඩක් ඉන්නවා. කාන්චනා මෙන්ඩිස් සහ සුජානි මේනකා මම ළගින් ආශ‍්‍රය කරනවා. එයාලා මට මගේ නංගිලා වගේ.

නව පරපුර හෝ සමකාලිනයන් ඔබට අභියෝගයක් ද?
කොහෙත්ම නෑ. මම මගේ දක්‍ෂතාවයෙන් හැම සම්මානයක්ම ලබා ගෙන තියෙනවා. ඉතින් මම මොකටද නිළියො අවුල් කරන්නේ. එයාලා මට මොන වෙලාවකවත් අභියෝගයක් නෙවේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු
මම හැම වෙලාවෙම මගේ පවුලට මුල් තැන ලබාදීපු කෙනෙක්. කලාව මගේ දෙවැනි ලෝකෙ. ඒ වගේම ඉපදුන මේ පොළොවෙම මැරෙන්නත්  ඕන. සතුට තමයි ලොකුම පැතුම.
 
Related Posts with Thumbnails