Ads 468x60px

.

ඇත්ත නැත්ත නොදැන ප්‍රසිද්ධ අයට මඩ ගැසීම අපරාධයක්‌ - රවීන්ද්‍ර ඇන්ජලා ගැන කියයි

මේ දිනවල වෙබ් අඩවි කලාකරුවන්ට ඉතා අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කරනවා...

සත්‍ය අසත්‍ය බව තහවුරු කර නොගෙන ප්‍රසිද්ධ අයකුට මඩ ගැසීම අපරාධයක්‌ යෑයි ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ඕනෑම අයකුගේ නමකට තැපෑලෙන් පාර්සලයක්‌ පැමිණිය හැකි බවද ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය එම පාර්සලය භාර ගනිද්දී මෙම තත්ත්වය මතුවූවා නම් වෙනම ප්‍රශ්නයක්‌ යෑයි ද රවීන්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවේය.



මේ දිනවල වෙබ් අඩවි සහ විද්යුත් මාධ්‍ය හරහා නළු නිළියන් ඇතුළු කලාකරුවන්ට ඉතා අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කරන බව කී රවීන්ද්‍ර රන්දෙණිය මහතා කෙනකුගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් ඕනෑම අයකුට මෙවැනි ක්‍රියාවක්‌ කළ හැකි බවද කීවේය.

සත්‍ය අසත්‍ය බව තහවුරු කරගත් පසුව කවර හෝ කෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්‌ නොවන බව කී රවීන්ද්‍ර රන්දෙණිය මහතා එවන් අයට එරෙහිව දඬුවම් දීම සාධාරණ යෑයි ද පැවසීය.
 
Related Posts with Thumbnails