Ads 468x60px

.

තරු වල ගණන් බස්සන්න ඇමෙරිකාවේ ආගමණ නිලධාරීන් හොඳට දන්නවා - ශාරුක්


මං ගැන උඩඟු හැඟීමක් ඇති උනාම 
මම ඇමෙරිකාවට යනවා...


පසුගියදා ඇමෙරිකාවට ගමන්ගත් සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් නිව් යෝක් හි වයිට් ප්ලේන් ගුවන්තොටුපලේ නිලධාරීන් විසින් පැය දෙකක් පමණ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.


යේල් විශ්ව විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහා ඔහු මුම්බායි ඉන්දියන්ස් පිලේ සම අයිතිකරු වන නීතා අම්බානි මහත්මිය සමග පෞද්ගලික ගුවන් යානයකින් පසුගිය සිකුරාදා දින ඇමෙරිකාවට ගොස් ඇත.



ගුවන්තොටුපලට පැමිණ ඇති මොහුව පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට ප‍්‍රශ්ණ කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේ, ශාරුක් මෙවැනි සිද්ධියකට මුහුණදුන් පළමු අවස්ථාව නොවන අතර, ඔහු 2009දී නිව් ජර්සි හි නිවාක් ගුවන්තොටුපලේදී ද ප‍්‍රශ්ණ කිරීමට ලක්විය.


යේල්  විද්‍යාලයේ දී සිය දේශනය පවත්වන අතරතුරේදී විහිළු තහළු මැද ශාරුක් පවසා තිබුනේ තමා පිළිබඳව අධික ලෙස උඩඟු හැඟීමක් ඇති වූ විටෙකදී ඔහු ඇමෙරිකාවට යන බවත්, තරුවක ගණන් බැස්සවීමට එරට ආගමණ නිලධාරීන් මැනවින් දන්නා බවත්ය.


කෙසේ වෙතත්, මේ සම්බන්ධව ලොව පුරා වෙසෙන ඉන්දියානු ජාතිකයන් දහස්ගණනක් උදහසට පත්ව ඇති අතර, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි මගින් ඔවුන් සිය කෝපය පළ කර ඇත.


මෙම සිදුවීම හේතුවෙන් ඛාන් මහතා අපහසුතාවයට පත්වීම සම්බන්ධව සමාව අයදින බව ඉන්දියාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශක පීටර් ව්රූමන් පවසා ඇත.


කෙසේ වෙතත්, ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා පවසා ඇත්තේ රඳවාගැනීමෙන් අනතුරුව සමාව අයැදීම මේ වන විට පුරුද්දක් වී ඇති බවත්, මෙය තවදුරටත් සිදුනොවිය යුතු බවත්ය.
 
Related Posts with Thumbnails