Ads 468x60px

.

ගුණරත්නම් නාටකයේ නොදුටු පැතිකඩ

හදවතින් නොව බුද්ධියෙන් විමසන්නට...

දිමුතු හා කුමාර් ගැන පරීක්ෂණයන් නොමග යවා සදාචාර විරෝධී මතයක් නිර්මාණය කිරීමටත්, එමගින් පැහැරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවන විරෝධය සමහන් කර ගැනීමටත් උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තාවේ





1) කුමාර් ගුණරත්නම්ගේ ලංකා ආගමනය ආණ්ඩුවට රහසක් නොවීය. ඔහු  ශ්‍රී ලංකාවට පැමිණි බව ආණ්ඩුව කලින්ම දැන සිටියේය.  ඔහු ලංකාවට පැමිණෙන වග ආණ්ඩුව නොදැන සිටියා  යන කරුණ පිළිගත හැකිද ?


2) ජවිපෙ දෙකඩ වීමෙන් පසු ඔහු එක  රැයෙන් සෝමවංස  කණ්ඩායමට ද්‍රෝහියෙකු වූ අතර සිරිත් පරිදි සිඩ්නි සහ බ්‍රිස්බේන් වල පදිංචි ජවිපෙ (සෝමවංස  පාක්ෂික) සාමාජිකයන් කුමාර් ගුණරත්නම්ගේ ලංකාවට පැමිණීම ගැන ආණ්ඩුවේ ඉහල අංශ දැනුවත් කොට තිබුණි.  නමුත් ආණ්ඩුව ඊට  පෙර ඔහුගේ ගමන ගැන තොරතුරු දැන සිටියේය.  නමුත් ඔහුව කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට නොගත්තේ කාගේ උපදෙස් පිටද ? 


3) ලංකාවට පැමිණ වීසා අවසන් වන තෙක් ඔහු රැඳී සිටියේය. විවර්ත වරෙන්තුකරුවෙකු වුවද  ආණ්ඩුවට ඔහුව   අත්අඩංගුවට ගැනීමට උනන්දුවක් නොවීය.  මාස 5කට අධික කාලයක් ප්‍රේමකුමාර් ගුණරත්නම් නීති විරෝධී ආකාරයෙන් මෙරට නිදහසේ රැඳී සිටියේය.  ඒ පිළිබඳව රහස් පොලිසිය  නොදැන සිටියා  යැයි කීම පිළිගත හැකිද?  


4) ලංකාවේ සිටි කාලයේදී   ගුණරත්නම් හමු වීමට වරින්වර පැමිණි බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනා කවුද ? ඔවුන් පැමිණියේ කාගේ  උපදෙස් මතද ? 


5)  පදිංචිව සිටි නිවසේ දොර කඩා ඔහුව පැහැරගෙන ගියා කීවද කිරිබත්ගොඩ පොලිසිය කල මුලික පරීක්ෂණ අනුව නිවසේ දොරට කිසිදු හානියක්  වී නැත පසුව පොලිසිය මෙම කරුණ යට ගැසුවේ කාගේ උපදෙස් මතද?  


6) රාගම සෝමේ සමග වැලිකඩ හිරගේ කඩාගෙන ගිය ගුණරත්නම් කිරිබත්ගොඩදී තමා පැහැර ගැනීමට එන පුද්ගලයන්ට පහසුවෙන්ම යටත් වේ. අඩුම ගන්නේ ඔහු නිවසේ පසුපස දොරෙන් වත් පලා යන්නේ නැත.  ඔහු කීකරු ළමයෙකු මෙන් යටත් වන්නේ මන්ද කාගේ උපදෙස් අනුවද ?   


7)  දිමුතු ආටිගල ගොඩගමට යනවිට ජනාකීර්ණ ස්ථානයකදී පැහැර ගත්තා කීවද කිසිදු කෙනෙක් ඇයව පැහැර ගන්නවා දැක නැත. තමන්ගේ දැස්‌ වසා රැගෙන ගිය බව ඇය පැවසූ අතර අතරමගදී දෙදෙනකු තමන් රැගෙන ගිය වාහනයෙන් බැස ගිය බවද කියන්නීය. දිමුතුගේ සහ කුමාර් ගුනරත්නම්ගේ ප්‍රකාශ වල පරස්පරතා ගහණය. පොලිසියට  මෙම පරස්පරතාවයන් පහසුවෙන් කොටු කර ගැනීමට තිබුණි. නමුත් මේ දක්වා ආණ්ඩුවට ඒ පිලිබඳ උනන්දුවක් නැත.   ඒ මන්ද ?


8)   කුමාර් ගුනරත්නම්  1988- 89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ  ත‍්‍රිකුනාමලය සන්නද්ධ අංශයේ නායකයාය.  ඔහු ඉන්දියා සාමසාධක හමුදාවට බිම්බෝම්බ ඇටවීමට මුල්වූයේය.  පසුව ඔහු හමුදාවේ බුද්ධි අංශ සමග සහයෝගිතාවක් ගොඩ නගා ගත්තේය. මේ ගැන තොරතුරු එවකට කර්නල්වරයෙකුව සිටි සරත් ෆොන්සේකා හොඳහැටි දන්නේය.  ගුනරත්නම් 88 කැරැල්ලේ දී ජීවිතය බේරා ගත්තේ  මේ සහයෝගිතාව මතය. මෙම සහයෝගිතාව තවමත් ක්‍රියාත්මක වන්නේද?     


9) ගුණරත්නම් පොලිසියට යන විට ඕස්ට්‍රේලියානු තානාපති නිලධාරීන්ද එතනට පැමිණේ. සියල්ලම සැලසුම්සහගතය. අනතුරුව පිටුවහල් කරන්නෙකු මෙන් අධිකරණයට ඉදිරිපත් නොකර ඔහුව  සුරක්ෂිතව කටුනායකට ඇරලවයි ඊට හේතුව කීම?   


10) දිමුතු ආටිගල නිදහස් කරන්නේ මාධ්‍ය සාකච්ඡාවක් සුදානම් කර තබෙන අවස්ථාවේදීය , ඇය කෙලින්ම යන්නේ සාකච්ඡාවටය. එහිදී ඇය කියන කරුණු පරස්පර සහගතය. තර්කානුකුල බවක් නැත, පොලිසිය මේ දක්වා ඇයගෙන් හරස් ප්‍රශ්න අසා නැත. සාමාන්‍යයෙන් පැහැරගැනීමක් වැනි සිද්දියකදී පොලිසිය හාර හාර කරුණු විචාරීම සිරිතක් වුවද දිමුතු ආටිගලගෙන් ප්‍රශ්න ඇසීම කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විසින් වලකා තිබේ. ඒ මන්ද ?   


11) දොරමඩලාව වැඩසටහනට යන ගෝඨාභය රාජපක්ෂ මේ දැන් ලැබුණු   ප්‍රවෘත්තියක්  සේ කුමාර් ගුණරත්නම් කොළඹ අපරාධ කොට්‌ඨාශයට භාර වූ බව පවසයි. එහි යම් සැලසුම්සහගත බවක් නොපෙනේද?   


12) කුමාර් ගුණරත්නම් යනු ආණ්ඩුවට සම්පත් ආකාරයකි. ඔහු ජවිපෙ සියලු රහස් තොරතුරු දනී , එසේම ද්‍රවිඩ ඩයස්පෝරාවේ රහස් තොරතුරුද ඔහු සතුය. කුමාර් ලංකාවට පැමිණ වසර බාගයකට අධික කාලයක් නිරුපද්‍රිතව සිටියේ කුමන දෙවියන්ගේ පිහිටකින්ද ?  කුමාර් මරා දැමීමට හෝ අත්අඩංගුවට ගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට ආණ්ඩුවට හැකියාව තිබියදී පවා එසේ නොකර ඔහුට  නිදැල්ලේ සිටීමට ඉඩ දුන්නේ මන්ද ?   මේ අනුව බලන කල ආණ්ඩුව සහ කුමාර් අතර රහස් සහයෝගිතාවක් නොමැත්තේද  ?    


13) මෙම නාටකයෙන් වැඩිපුරම වාසිය ලැබුනේ කාටද ? පුද්ගලයන් අතුරුදහන් වීම ගැන අන්තර ජාතික ප්‍රජාවෙන් ආණ්ඩුවට තදබල පීඩනයක් තිබුනේය. අතුරුදහන්වුවායි කී පුද්ගලයන් වෙනත් නම් වලින් බටහිර රට වල සිටින බව සාක්ෂි සහිතව පෙන්වා දීමට ගුණරත්නම් නාටකය මගින් ආණ්ඩුවට හැකි විය. එමගින් ඔස්ට්‍රේලියාවට කට උත්තර නැති විය. දැන් මෙම සිද්දිය ආණ්ඩුවට  හොඳ තුරුම්පුවකි. ගුනරත්නම්ලාට ප්‍රචාරය ලැබුණු අතර ආණ්ඩුවට  අන්තර්ජාතික ප්‍රජාව හමුවේ භාවිතා කිරීමට අවශ්‍ය හොඳ තුරුම්පු ලැබුණි. මෙය වින් වින් සිටුවේෂන් එකක් නොවේද?   


14) මෙම ගරිල්ලා මාකටින් වියාපෘතිය සැලසුම් කලේ ඔස්ට්‍රේලියාවේදීද   නැතහොත්   කොළඹ දී ද ?   


15) අන්තිමට ගොනාට ඇන්දුනේ  කවුද ? මෙම  නාටකය දෙස බලා සිටි ප්‍රේක්ෂකයන්ද ? 
 
Related Posts with Thumbnails