Ads 468x60px

.

අවුරුදු පහළවකට පසු ජැක්සන් ටෙලි නාට්‍යකට

දියණියන් සිවු දෙනෙකුගේ වගකීම් ඉටු කරන ධම්ම නම් වූ දිරිය පියකු ලෙස...

ප‍්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි අවුරුදු පහළවකට පසු ටෙලි නාට්‍යකට රංගනයෙන් එක්ව සිටී.
ඒ මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ආනන්ද අබේනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘අප්පච්චි’ ටෙලි නාට්‍යත් සමගයි.

පළිගු මැණිකේ සමග ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිසි ඔහු ඉන් අනතුරුව  සුසීමා, ඉරට මුවාවෙන්, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, කඩුල්ල, ඇල්ල ළග වලවිව, පිටගමිකාරයෝ, වෙද හාමිනේ, ආදී මතකයේ රැදෙන නාට්‍යවලට රංගනයෙන් එක්විය.


අකාල සන්ධ්‍යා රගපැමෙන් පසු වසර 15 කින් නැවත ටෙලි නාට්‍යකට එක්වන ඔහු ප‍්‍රකාශ කරන්නේ තමන් තෝරා බෙරා ගෙන නාට්‍යවල රගපාන බවයි.

මීට පෙර ආනන්ද අබෙිනායකගේම කරුවල ගෙදර නාට්‍යට සමිබන්ධව වැඩ කිරීම නිසා ඔහු පිළිබදව විශ්වාස බවද ඔහු පැවසීය.මව අහිමි දියණියන් සිවු දෙනෙකුගේ වගකීම් ඉටු කරන ධම්ම නම් වූ දිරිය පියකු පිළිබඳ අප්පචිචී හරහා කියවේ.

ලූෂන් බුලත්සිංහල, චාන්දනී සෙනෙවිරත්න, ප‍්‍රියා රණසිංහ, අතුල පතිරණ, පද්මිණී දිවිතුරුගම, විශ්වජිත් ගුණසේකර, බිම්සරා පේ‍්‍රමරත්න ආදී ප‍්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙති.

කැමරාකරණයෙන් ධමිමික රත්නායකද සහාය අධ්‍යක්ෂණයෙන් අශෝක අතාවුදහෙට්ටිද කසුන් කල්හාර සංගීතයෙන් ද එක්ව තිබේ.හර්ෂ අංග රචනා ශිල්පියාය. සෝමදාස මල්දෙණියගේ නිෂ්පාදන කළමනාකරණයකි.

සෙරනිට් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් එච්. ඞී. පේ‍්‍රමසිරි, බන්දුල ඒකනායක, චන්න ප‍්‍රනාන්දු සමඟ බණ්ඩාර ඇහැලියගොඩ අප්පච්චි නිෂ්පාදනය කර ඇත.ජීවිතයට ඉඩ දෙන්න, රම්‍ය සුරම්‍ය, තක්සලාව, අහසකින් වැටුණා ආනන්ද අබේනායක මීට ප‍්‍රථම නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතරින් කිහිපයකි.


 



  
  
 
Related Posts with Thumbnails