Ads 468x60px

.

අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම විසිරී ඇති නිසා විහාරාධිපති හිමිනමක් පුෂ්පිකාට පිටුපාලා

මෙම විහාරාධිපති හිමිගේ අතේ පච්චයයකුත් තියෙනවලු...

සිරිදළදා ගමනය චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතය රගපෑම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුවක් නිරාකරණය කර ගැනීමට විහාරාධිපති හිමිනමක් මුණ ගැසීමට ගොස් ඇති අතර ඒ හිමිනම පුෂ්පිකාට පිටුපා ඇතැයි වාර්තා වේ.



අතේ පච්චයක් ඇති මෙම විහාරාධිපති හිමි නම තමාට පුෂ්පිකා සමග කතා කිරීමට කිසිවක් නැතැයි ප‍්‍රකාකරමින් ඇය මගහැර ඇතැයි වාර්තා වේ.

මෙම හිමිනම චිත‍්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ මිත‍්‍ර හිමිනමක් බවද පැවසේ.
කෙසේවුවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ පුෂ්පිකා නිරූපිකාවක් බැවින් ඇගේ වෘත්තියට අදාල ඇඳුම් මෝස්තරවලින් සැරසීම සම්බන්ධයෙන් මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාර්යභාරයන් සිදුකරන පුද්ගලයන්ගෙන් එල්ලවන චෝදනා ඔවුන්ගේ අඥ්ඤාන කමට එල්ලවන ඒවා බවයි.

පුෂ්පිකා අදාල චිත‍්‍රපටයෙන් ඉවත් කිරීමට සැරසෙන්නේ ඇයගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක් බව පෙන්වා දෙමිණි.

මෙම චිත‍්‍රපටය මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබයි.මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.

කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක් විය.
එසේම මේවන විට මෙම සිනමා පටයට එක්වන බවට පූර්ව ප‍්‍රචාර ලබාදුන් බොහෝ ශිල්පීන්ද මින් ඉවත්වී ඇතැයි ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails