Ads 468x60px

.

සොල්දාදුවන් අතර පශ්චාත් යුද ආතතිය ඉහල යයි

හමුදා සෙබලෙකුට‍ සර් නොකී නිසා නිවාස 07කටද ගිනි තියලා...

හමුදා භටයින් දෙදෙනෙකු මෙම මස 4 දින උදෑසන ඇතිවු බහින්බස් වීමකින්  පසුව   එක් හමුදා සෙබෙළෙකු තවත් සාමාජිකයෙකුට‍ වෙඩි තබා ඔහු ද සියදිවි නසා ගෙන  ඇත. 


මෙම සිදුවීම උදෑසන 7.10ට පමණ යාපනය ඊ.පී.ඞී.පී. කාර්‍යාලය ඉදිරිපිටදි සිදුවී ඇති බව උතුරේ ආරංචිමාර්ග පැවසේ. මිට පෙරත් උතුරේ සේවය කරන සෙබළුන් එකිනෙකාට වෙඩි තබා ගැනීම  , දිවි නසා ගැනීම වැනි වැනි ක්‍රියාද නොයෙකුත් ගැටුම් වලට  මැදි වීමද සිදුවූ අයුරු පුවත්පත් වාර්තා මගින් පෙනී යයි.  

එසේම මෑතකදී නිවාඩුවට ගමට පැමිණි හමුදා සෙබලෙකු විසින් තමන්ට සර් නොකී නිසා ගාල්ල, ඇල්පිටිය, දිවිතුරවත්ත වතුයායේ  දෙමළ ජනතාවට අයත් නිවාස 07කටද ගිනි තබන ලදී . මෙවැනි සිදුවීම් වලින් පෙනී යන්නේ යුද්දයෙන් පසු සොල්දාදුවන් තුල විශාල  ආතතියක් ගොඩ නැගී ඇති බවය. නමුත් මෙම ආතති තත්වය හඳුනාගෙන ඊට නිසි පිළියම් දීමට හමුදාවේ නිලධාරීන් මෙතෙක් සමත්  වී නැත.     

යුද්දය  පැවති කාලයේ යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් තිබු නමුදු මිට වසර කීපයකට පෙර යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කේ .පී සුමනපාල නම් මැටි මෝල් නිලධාරියෙකු විසින් එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සොල්දාදුවන්ට අනවශ්‍ය බව පවසා එම ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමන ලදී. 

මේ නිසා යුද ආතතියෙන් පෙලෙන සොල්දාදුවන් නිසි ප්‍රතිකාර නොලැබ  දැන් එකිනෙකා මරා ගනිති. මෝඩ නිලධාරියෙකුගේ අදුරදර්ශී තීරණයක් නිසා සොල්දාදුවන් විසින් ගෙවන වන්දිය අති විශාලය. මේ නිසා යලි මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සොල්දාදුවන් උදෙසා ස්ථාපිත කිරීමට යුද හමුදාවට දැන්වත් ප්‍රඥාව පහල විය යුතුය. 







 
Related Posts with Thumbnails