Ads 468x60px

.

දැඩි සුළඟ මීරිගම හොල්ලයි...! ( ජායාරූප )

රෑ දහයට විතර වාහනයක්‌ යනවා වගේ ශබ්දයකින් එකතැන කැරකෙනවා වගේ දැඩි සුළඟක්‌ ආවා...

ගෙවල්වල වහලවල්හි උළු සහ ටකරං ගැලවී සුළඟට ගසාගෙන ගියා...

ඊයේ (13 දා) අළුයම 3.30 ට පමණ තවලම්පිටිය හා මීරිගම නගරය හරහා හමා ගිය සුළි සුළඟකින් මීරිගම නගරයේ අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට වෙළෙඳසල් කීපයකට මෙන්ම තවලම්පිටිය ප්‍රදේශයේ නිවාස කීපයක වහලවල් මතට දැවැන්ත ගස්‌ කඩා වැටීමෙන් ලක්‍ෂ ගණනක අලාභ හානියක්‌ සිදුවී තිබේ. 


මෙම සුළඟින් නගරයේ වෙළෙඳසල්වල පියසි ගලවාගෙන ගොස්‌ ඉදිරිපිට මහා මාර්ගයට ඇද වැටී පොඩි පට්‌ටම් වී ගොස්‌ තිබිණි. මේ අතර මීරිගම දන්ඕවිට මාර්ගයට දැවැන්ත අඹ ගසක්‌ කඩා වැටීමෙන් ඊයේ අලුයම සිට පහන් වනතුරුම එම මාර්ගයේ වාහන ගමනා ගමනයද ඇනහිට තිබුණි.

උදෑසන ප්‍රදේශවාසීන් විසින් එම ගස කපා ඉවත් කරනු ලැබීය. එසේම සිද්ධිය සිදුවූ අවස්‌ථාවේම විදුලි රැහැන්වලට අලාභහානී සිදුවීම නිසා ප්‍රදේශයේ විදුලිය ඇනහිට තිබිණි. මේ සටහන තබන මොහොත වනතුරුම එය යථා තත්ත්වයට පත්වී නොතිබිණ. විසන්ධි වූ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන් කටයුතු කර ගෙන යයි.








මේ අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ තද සුළං හෝ ටොනේඩෝ තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍වසයි. මෙම තත්වය වැඩි වශයෙන් දිවයිනේ නිරිතදිග, බටහිර, දකුණු සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.


දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපෑ ඇති සුළං හා වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට නිවාස සියයකට පමණ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


 
Related Posts with Thumbnails