Ads 468x60px

.

ට්‍රිප් එකක් ගිය නිට්‌ටඹුවේ හා කුරුණෑගල සිසුන් සොරබොර වැව ලඟදි ගහගෙන...

දෙපිරිස ගල් සහ පොලුවලින් ගහගෙන... 
සියලු දෙනාගේ හිස සහ මුහුණ ප්‍රදේශ වලට තුවාල...

විනෝද චාරිකාවක්‌ සඳහා මහියංගනයට පැමිණි පාසල් දෙකක සිසුන් 12 වැනිදා සවස 6.00 පමණ සොරබොර වැව බැලීමට ගොස්‌ සිටියදී ගැටුමක්‌ ඇතිවී තුවාල ලබා පාසල් සිසුන් 9 දෙනකු මහියංගන මූලික රෝහලට 12 වැනිදා සවස ඇතුළත් කර ඇත.


නිට්‌ටඹුව සංඝබෝධි පාසල සහ කුරුණෑගල වයඹ රෝයල් විද්‍යාලයේ සිසුන් මෙලෙස ගැටුම ඇතිකරගෙන තිබේ. මුලින්ම වික්‌ටෝරියා ජලාශය නැරඹීමට ගොස්‌ සිටියදී පාසල් දෙකේ සිසුන් අතර වචන හුවමාරුවක්‌ සිදුවී ඇත. නැවතත් සොරබොර වැව නැරඹීමට පැමිණි මොහොතේ පාසල් දෙකෙහි සිසුන් මුහුණට මුහුණ හමුවූ අවස්‌ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත.

සිසුන් දෙපිරිස ගල් සහ පොලුවලින් ගහගෙන ඇත. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවූ අතර ඊයේ දිනයේදී (13 දා) ප්‍රතිකාර ලබා පිටව යැමට නියමිතයි. සියලු දෙනාගේ හිස සහ මුහුණ ප්‍රදේශ වලට තුවාල සිදුවී තිබිණි. එක්‌ පාසලක සිසුන් පස්‌දෙනකු සහ අනෙක්‌ පාසලේ සිසුන් හතර දෙනකුද තුවාල ලබා ඇත.




පානදුර ලයිසියම් පාසලේ සිසුනට සබරගමු සරසවි සිසුන් පහර දෙයි...
ප්‍රහාරයට හේතුව  සබරගමු කැම්පස් ඇතුළේ ඉංගිරිසි කතා කිරිම...

 මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා ගිය පාණදුර ලයිසියම් අන්තර්ජාතික පාසලේ සිසු සිසුවියන් පිරිසකට එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දී තිබේ‍. මෙම සිසුන්ට පහර දීමට හේතුව ඔවුන් විශ්වවිද්‍යාලය භුමියේදි ඉංග්‍රිසියෙන් කතා කිරීම බව හෙළි වේ.

පාණදුර ලයිසියම් අන්තර්ජාතික පාසලේ මේ සිසු සිසුවියන් සබරගමුව පළාතේ විනෝද චාරිකාවකට සහභාගි වී ඇති අතර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ හා ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ අධිපතිවරයාගේ එකඟතාවය ඇතිව මොවුන් සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීමටද ගොස් තිබේ.

එහිදි මේ සිසු සිසුවියන් පිරිස තමන්ගේ පැමිණීම සිහිකිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල භූමියේ පැලයක් රෝපණය කිරීමට කටයුතු යොදා තිබු අතර මේ අවස්ථාවේදී ඔවුන් ඉංග්‍රීසියෙන් කතා බහ කරමින් එම කටයුත්ත සිදු කිරීමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ එතැනට පැමිණ ඇති 70 කට අධික විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මේ අයට අතින් පයින් මෙන්ම වැට ඉනි වලින්ද පහර දී ඇතැයි පැවසේ. මෙම විනෝද චාරිකාවට ලයිසියම් ජාත්‍යන්ර පාසලේ ඉගෙනුම ලබන 15 හා 16 වයස් කාණ්ඩවල සිසුන් 12 කු හා සිසුවියන් 18 දෙනකු සහභාගි වී තිබේ.

ගුරුවරියක් හා ගුරුවරු දෙදෙනකුද මේ සඳහා සහභාගී වී ඇත‍‍. පහර කෑමට ලක් ව සිසුන් කිහිප දෙනකු තුවාල ලබා ඇතත් කිසිවකු මේ පිළිබඳව පොලීසියකට පැමැණිළි කර නැත.  මේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ එම සිසුන් ඉංග්‍රිසියෙන් කතා කිරීම නිසා කිසියම් ගැටුමක් ඇති වු බවට තමාට වාර්තා වු බවයි‍‍.
 
Related Posts with Thumbnails