Ads 468x60px

.

අඹු සැමි දෙදෙනාගේ හොරවැඩ දෙදෙනාගේම අතට අහුවෙලා...

ඇය හෝටල් කාමරයෙන් එළියට එනකොට...යාපනයේ යන බව කී සැමියා...සුරූපී තරුණියක සමඟ හෝටලයෙන් එළියට එයි...

ඇය විවාහකය. සැමියා පෞද්ගලික දුරකථන සමාගමක ඉහළම තනතුරක්‌ දරන්නෙකි.විවාහ වී වසර දෙකක්‌ ගතව ගියද ඔවුන්ට දරුමල්ලන් නැත. ඇයද කොළඹ රාජ්‍ය සංස්‌ථාවක ඉහළ තනතුරක්‌ දරන්නේ විදේශ අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබූ නිසාය.

ඇයට ආයතනයේ ප්‍රධානියාගේ විශේෂ සැලකිල්ලක්‌ තිබිණි. කෑවේ බීවේ එකටය. ඉඳහිට කාරයෙන් ගෙන ගොස්‌ ගෙදරට ඇරලවීම දක්‌වා මේ බැඳීම වර්ධනය වූයේ ටික ටිකය. මේ බැඳීම සීමා මායිම් නොතකා යැමට පටන් ගත්තේ මීට සති කිහිපයක සිටය.

ඇගේ සැමියා දුරකථන සමාගමේ කටයුත්තකට යාපනයට ගිය අවස්‌ථාවක ඇය සිය ආයතනයේ ප්‍රධානියා සමඟ කිරිබත්ගොඩ හෝටලයක ඇති පදමට සතුටු වී එදින සවස හෝටල් කාමරයෙන් එළියට ආවේ එකිනෙකාගේ අත්වැල් පටලාගෙනය.

ඇය සැනින් ගල් පිළිමයක්‌ වැනි වූයේ පටලවාගෙන සිටි අත් පවා අහකට ගන්නට අමතක විය.

යාපනයේ යන බව කී සැමියා... සුරූපී තරුණියක සමඟ ඒ හෝටලයේම වෙනත් කාමරයකින් එළියට පැමිණෙනවාත් සමඟම ඔවුන් මුහුණට මුහුණ මුණගැසිණි.

ඔවුන් දෙදෙනා නන්නාඳුනනා සේ සමුගෙන වාහන දෙකට ගොඩවූයේ නීතියෙන් වෙන්වීම හැර උඩබලාගෙන කෙළ ගසා ගැසීම තේරුමක්‌ නැතැයි දෙදෙනාම කල්පනා කළ නිසා විය යුතුය.
 
Related Posts with Thumbnails