Ads 468x60px

.

කලා ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ - මේනකා

මේනකා තරුණ ජීවිත වලට ආදරය ආගන්තුක දෙයක් නෙවෙයි. ඔයාගේ ජීවිතයට ආදරය දැනෙන්නේ කොහොමද ?
ආදරය කියන්නේ හුඟක් සුන්දර අත්දැකිමක්. ඒක හරි විදියට ලැබුණේ නැත්නම් ආදරය මහ කරදරයක් වෙන වෙලාවන් නැතුවම නොවේ.



ඔයත් ඔය කියන සුන්දර අත්දැකීම විදින කෙනෙක්ද ?
නෑ . මම ආදරවන්තියක් නෙවෙයි.


මේ වෙද්දී ඔයාට ආදරවන්තයෙක් නැති වුණාට ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවගේ ආදරයක හිමිකරුවෙක්ද ?
මගේ ඉදිරි ගමනට උදව් කරන  ,මගේ සිතුම් පැතුම් වලට ඉඩදෙන , අවංක කෙනෙක්ට මම කැමතියි.


එතකොට එයාගේ බාහිර පෙනුම ?
මම ලස්සන අයට කැමතියි. ඒ වගේම මම කැමති කෙනා මගේ හිතේ ඉන්නවා. ඇත්තටම මම කැමති සල්මන් ඛාන් වගේ කෙනෙක්ට.


එයාගේ ගතිගුණ මොනවගේ වෙනවා නම්ද මේනකා වඩා කැමති වෙන්නේ ?
අවංකවම මට ආදරේ කරන , හැමෝමත් එක්ක සුහඳව කතා බහ කරන කෙනෙක්ට මං හුඟක් කැමතියි.


මේනකා දැන්ම විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද ?
මට ගැළපෙන , මගේ සිතුම් පැතුම් වලට ගැලපෙන කෙනෙක් හමුවුණොත් එයා මට හුඟක් දැනෙන කෙනෙක් වුණොත් මම අද හෙට හරි විවිහා වෙනවා.


ඒ ඔයාට දැනෙන කෙනා කලා ක්ෂේත්‍රයේම කෙනෙක් වුණොත් ?
මම ඒක ප්‍රතික්ෂේප කරනවා. කලා ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ.


ඇයි ඒ  ?
මේකයි .අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක මේ ක්ෂේත්‍ර යේ කෙනෙක් එක්ක විවාහ වෙලා අතරමඟදී වෙන් වෙන්න මං අකමැතියි.
 
Related Posts with Thumbnails