Ads 468x60px

.

දුමින්ද සිල්වා පැමිණෙන විට 50,000 කට අධික පිරිසක් මල් මාලා දමා ඔහු පිළිගන්න කටයුතු සුදානම්

දුමින්දාගමනය නම් වූ පෝස්ටරයක් කොළඹ නගරය පුරාවට...

මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සුව වී ඇති දුමින්ද සිල්වා ජුලි මස ලංකාවට පැමිණෙන බැවින් එම පැමිණීම ඉහලින් සැමරීමට මේ දිනවල කටයුතු යෙදෙමින් පවතී.


අවාසනාවකට මෙන් එතුමාට මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිදුවීම පිලිබඳ මතකයක් නොමැත. දුමින්දගේ මතකය කෙසේ වෙතත් දුමින්ද නැවත ලංකාවට
පැමිණීමේ මෙහි තේමාව වන්නේ "දුමින්දාගමනයයි" දුමින්දාගමනය නම් වූ පෝස්ටරයක් කොළඹ නගරය පුරාවට ඇලවීමට මුද්‍රණය කිරීම සඳහා මරදානේ මුද්‍රණ කාර්යාලකට ලබාදී තිබේ.

මිට අමතරව දුමින්ද කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන විට 50,000 කට අධික පිරිසක් එහි රැස්වී ඔහු පිළිගෙන මල් මාලා දමා ඔහුව ගෙදර ගෙන යාමටද සුදානම්කොට ඇත.


මේ ජන
ගඟ රැස්කිරීම පසුපස වෙනත් සැලසුමක් ඇතිබව වාර්තාවන අතර ඒ පිළිබඳව නුදුරේම දැනගැනීමට හැකිවනු ඇත.දුමින්දාගමනය යනු ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් නොවේ. එහෙත් පොදු ජනයාගේ දෑස් ඉදිරිපිට තිරගත වීමට නියමිත සැලසුමකි. 
 
Related Posts with Thumbnails