Ads 468x60px

.

මගේ පඩිපත සියයට හතළිහකින් වැඩි වෙලා.දන්නෙත් නෑ

පඩිපත අතට ගත් දකුණේ ජවිපෙ මන්ත්‍රීගේ ඇස්‌ උඩගිහින්...

අපි ඉල්ලුවේවත් උද්ඝෝෂණය කළේවත් නෑ  අපිටත් නොදන්වාම අපේ පඩිය වැඩිකරලා...


මෙම මාසයේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස මාගේ පඩිපත අතට ගත්විට මා විශ්මයට පත් වුණා එහි රුපියල් එක්‌ලක්‌ෂ දොළොස්‌ දහසක මුදලක්‌ තිබුණා. 



අපි ඉල්ලුවේවත් උද්ඝෝෂණය කළේවත් නැති වුණත් අපිටත් නොදන්වාම අපේ පඩිපත වැඩිකරලා යයි දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා (ජවිපෙ) පැවැසීය.

ඒ මහතා මේ අදහස්‌ පළකළේ ඊයේ (24 දා) දකුණු පළාත් සභා සභාපති කේ. ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේදී දකුණු පළාත් සභාව රැස්‌වූ අවස්‌ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නලින් හේවගේ මහතා මෙසේද කීය.

අද ලිපියක්‌ එවනවා ඔබ විදේශ චාරිකාවක්‌ යන්න කැමැතිද කියලා. මෙම පළාත් සභාව ගන්නා තීන්දු තීරණ ගැන මන්ත්‍රීවරුන් ලෙස කලින් අපවත් දැනුවත් කරන්න. මගේ ජනවාරි මාසයේ වැටුප රුපියල් පනස්‌ අට දහසයි. පෙබරවාරි වැටුප හැත්තෑ හතර දහස්‌ අටසිය දෙකයි. මෙම මස වැටුප එක්‌ලක්‌ෂ දොළොස්‌ දහසක්‌ යෑයිද පැවැසීය.

මගේ පඩිපත සියයට හතළිහකින් වැඩි වෙලා. අපි දන්නෙත් නෑ අපිටත් කියන්න මේවා යෝජනා කර ස්‌ථිර කරලා තීන්දු තීරණ ගන්නෙ කවුද කියලා යයි හෙතෙම මෙහිදී සඳහන් කළේය.
 
Related Posts with Thumbnails