Ads 468x60px

.

විද්‍යුත් මාධ්‍යක් ලෙස වෙබ් අඩවිද ක‍්‍රියාත්මක විය යුතුයි

නිළියන් හෝ දේශපාලඥයන් හෝ වේවා ඔවුන් සම්බන්ධයෙන් සත්‍යතාවය විමසා බලා පල කිරීම මාධ්‍ය කරුවාගේ වගකීමක්...

සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග විද්‍යුත් මාධ්‍යක් ලෙස වෙබ් අඩවිද ක‍්‍රියාත්මක විය යුතුයි

කලාව පවතින රටක කටකතා (ගොසිප්) ද පැවතිය යුතු බව ප‍්‍රවීණ රංගන ශිල්පිණි අනුලා කරුණාතිලක මහත්මිය පවසයි. 


ඇය මේ බව පැවසුවේ මේ දිනවල ශී‍්‍ර ලංකා මිරිර් ඇතුළු වෙබ් අඩවිවලට නැගෙන අවලාද සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ජනතාව ජනප‍්‍රිය චරිතවල තොරතුරු දැනගැනීමට ඇති කැමැත්ත අතිශයින්ම සාමාන්‍ය දෙයක් බවත් පවසන ඇය එසේ පළ කරන තොරතුරුවල අසත්‍යතාවයක් පවතින්නේ නම් අදාළ පුද්ගලටන්ට නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි බවද කියා සිටින්නීය.

සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග විද්‍යුත් මාධ්‍යක් ලෙස වෙබ් අඩවිද ක‍්‍රියාත්මක විය යුතු බවද ඇය අවධාරණයෙන් කියා සිටියාය. නළු නිළියන් හෝ දේශපාලඥයන් හෝ වේවා ඔවුන් සම්බන්ධයෙන් සත්‍යතාවය විමසා බලා පල කිරීම මාධ්‍ය කරුවාගේ වගකීමක් බවද ඇය පැවසුවාය.

එසේම ලංකාවේ ජනපි‍්‍රය වෙබ්අඩවි වලට නැගුණ චෝදනා සම්බන්ධයෙන් කනගාටුව පලකළ ඇය මෙම ගැටළුව ඉක්මනින්ම විසඳා ගනිමින් කලා ලොවේ තොරතුරු අතර වෙබ්අඩවි නිරන්තරයෙන් පළමු ස්ථානයේ රැදෙන්නට වාසනාව ලැබේවා යැයි ප‍්‍රාර්ථනාවක්ද එක් කළාය.
 
Related Posts with Thumbnails