Ads 468x60px

.

Z ලකුණට එරෙහිව කොළඹ සහ කුරුණෑගල ශිෂ්‍යයින් උද්ඝෝෂණය කරති - මහව සිසුහු පොල් ගසති..

නැවතත් ප්‍රතිඵල අවුල දෙගුණ තෙගුණ වෙලා...

කතරගම දේවාලයට දේව කන්නලව්වක්‌... 


මෙවර Z ලකුණු අගය නිසා අසාධාරණයට ලක්‌වූ මහව අධ්‍යාපන කලාපයේ  පාසල්වල සිසුහු පිරිසක්‌ මහව කතරගම දේවාලයට ගොස්‌ දේව කන්නලව්වක්‌ පවත්වා ඊයේ (24) පොල් ගැසූහ. මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට අත්සන් ලේඛනයන්ද මෙහිදී සකස්‌ කෙරිණි.



ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නැවත සංශෝධිත 2011 උසස් පෙළ Z score ප්‍රතිඵල නිකුත් කරන ලදී. එයින් නැවතත් ප්‍රතිඵල අවුල දෙගුණ තෙගුණ වී ඇති බව ශිෂ්‍යයින් පවසයි. 

මෙසේ  Z score ප්‍රතිඵල නිකුත් කළ අධ්‍යාපන අමාත්‍යංශයට සහ ආණ්ඩුවට විරෝධය පළකරමින් ඊයේ (24) කොළඹදී සහ කුරුණෑගලදී ශිෂ්‍යයින් විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අයුරුයි මේ.






 
Related Posts with Thumbnails