Ads 468x60px

.

57 හැවිරිදි ගොවියෙක් ඔලිම්පික් බලන්න රික්ෂෝවෙන් ලන්ඩන් ගිය හැටි

වසර 2010 මැයි 23දා සිය නිවසින් පිටත් වූ චෙන් මහතා, ලන්ඩන් නුවරට ලඟා වුනේ 2012 ජුලි 09 වැනිදා...

රටවල් 16 ක නගර 1764 පසුකරමින් සිය ඉලක්කය කරා.. 

ගංවතුර, යුද කලාප, උස් කඳු සහිත පෙදෙස් පසුකරමින් අසිරිමත් ඔලිම්පික් ක‍්‍රීඩාවලිය නැරඹීම සඳහා රික්ෂෝවකින් දුරුකතර ගෙවාගෙන බි‍්‍රතාන්‍යයට ගිය සොඳුරු මිනිසෙක් පිළිබඳ පුවතක් ලන්ඩන් නුවරින් වාර්තා වේ.

මෙම අපූරු ගමනේ යෙදී ඇත්තේ නැගෙනහිර චීනයේ ජියාන්ග්සු ප‍්‍රාන්තයේ 57 හැවිරිදි ගොවියෙක් වන චෙන් ගුවාන්මිං ය.

වසර 2008 දී ලන්ඩනයේ නගරාධිපතිවරයා විසින් ඔලිම්පික් ධජය භාරගත් අවස්ථාවේ දී කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකයෙක් ලෙස එම අවස්ථාව දැකබලාගත් අවස්ථාවේදී මෙම ගමනේ යෙදීමට අදිටන් කරගත් බව ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මැලේසියාව, වියට්නාමය වැනි රට වලදී අධික රශ්නයද, තායිලන්තයේ ගංවතුරද, ටිබෙටයේ මීටර 70,000 උස කඳුබිම්, තුර්කියේ අධික ශීතල, ඇෆ්ගනිස්තානයේ හා ඉරානයේ යුද කලාප ඔහුට බාධාවක් නොවීය.

සෙල්සිස් අංශක 38 සිට සෙල්සිස් අංශක - 30 දක්වා වූ ඉතා අසීරු දේශගුණික තත්ත්වයන් ට මුහුණදෙමින් සිය ගමනේ යෙදුනු චෙන් මහතා, රටවල් 16 ක නගර 1764 පසුකරමින් සිය ඉලක්කය කරා ළඟාවිය.

චෙන් මහතාගේ ගමන් බලපත‍්‍රය, ලොවපුරා වැදගත් හා ප‍්‍රසිද්ධ ස්ථාන ඉදිරියේ සිය රික්ෂෝව ද නවතා ගත් ඡුායාරූප හා ඔහු සතුව පවතින විවිධ රටවල පුද්ගලයන් විසින් ලියූ පණිවිඩ ඇතුලත් පොතක් විසින් ඔහු පසුකළ රටවල් සම්බන්ධයෙන් සාක්ෂි දරණ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

සිය ගමන අතරතුරේදී භාණ්ඩ කුරියර් කිරීමෙන් හා ආධාර වලින් සිය ගමනට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගත් බව චෙන් මහතා කියයි.තමා කි.මී. 140,000ක ගමනක නිරත වන බව දැක්වෙන බැනරයක් චෙන් මහතාගේ රික්ෂෝවේ ප‍්‍රදර්ශනය කර තිබේ.

තමා ඔලිම්පික් උළෙලේ විශාල රසිකයෙකු බවත්, ලන්ඩන් නුවර ඉතා දැකුම්කළු බවත් චෙන් මහතා පවසයි.චෙන් මහතාගේ මෙම කතාපුවත සැලවීමෙන් අනතුරුව ඔහු වෙත විශාල මාධ්‍ය අවධානයක් යොමුව ඇත.

බීජිං ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලයේදී තෙමසක් පුරාවට ඔලිම්පික් උද්‍යානයේ හා බීජිං නුවර අවට කැළිකසල එකතු කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ චෙන් මහතාට තෑගි ලෙස බීජිං ඔලිම්පික් සමාප්ති උළෙලට සහභාගී වීමට අවස්ථාවක් චීන බලධාරීන් විසින් ලබාදී තිබුණි.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට සහභාගී වීමට බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින චෙන් මහතා, එම අවස්ථාව අහිමි වුවද, බි‍්‍රසීලයේ පැවැත්වෙන 2016 රියෝ ඔලිම්පික් උළෙල වෙත යාමට ද අදිටන් කරගෙන සිටියි.



 
Related Posts with Thumbnails