Ads 468x60px

.

රාජකීය විදුහලේ රග්බි පුහුණුකරුවා ළමයින්ට ලිංගික අතවර කරනවලු

සෑම තරගයකින්ම පසු සුපිරි හෝටල්වල සාද පවත්වා සිසුන් මත්පැනට හුරු කරනවා...

ළමයින්ට අඩ නිරුවතින් නර්තනයේ යෙදෙන්න කියලා...

කොළඹ රාජකීය විදුහලේ රග්බි පුහුණුකරුවා වන බිලාල් යූසුෆ් මහතා ළමයින්ට ලිංගික අතවර කරන්නේ යැයි චෝදනා එල්ල වේ.



පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වු තුන් දින රග්බි වැඩමුළුවකදී ළමයෙකු ලිංගික අතවරයකට ලක් වූ බවත් එලෙස අතවරයට ලක්වු ළමයාට ඉකුත් තරග සමයේ සෑම තරගයක්ම ක‍්‍රීඩා කිරීමට අවස්ථාවද හිමි වූ බවත් එම විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩා කරන සිසුන්ගේ මව්පියන් පාසල් ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියක සඳහන්ය.


මීට අමතරව සෑම තරගයකින්ම පසු සුපිරි හෝටල්වල සාද පවත්වා සිසුන් මත්පැනට හුරු කරවීමටද බිලාල් යූසුෆ් කටයුතු කරන බවද ලිපියේ දැක්වේ.


පසුගියදා පැවැත් වූ තරගයකින් පසු ළමයින්ට අඩ නිරුවතින් නර්තනයේ යෙදෙන ලෙසද ඔහු විසින් බල කර ඇතැයිද විනිසුරුවන් මුදලට ගැනීම සහ ඊට අවශ්‍ය මුදල් ළමයින්ගෙන් එකතු කිරීම වැනි දේද ඔහු විසින් සිදුකරන බව මවුපියන් චෝදනා කරයි.


මෙම පුහුණුකරුවා මීට පෙර තවත් ප‍්‍රධාන පෙළේ පාසල් දෙකකම රග්බි පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර එහිදීද ලිංගික අතවර චෝදනා මත එම පාසල්වලින්ද නෙරපා දමා තිබේ.
 
Related Posts with Thumbnails