Ads 468x60px

.

කහවත්තෙ ඝාතන රැල්ලෙන් මතුවන පදනමක් නැති කතා

ඉටු නොකළ නිධන් භාරයක් තියෙනවලු...

පෙර රා මදින මිනිසෙකු විසින් කාන්තාවකට පිහියෙන් ඇන මිනිය කර තබාගෙන කිලෝමීටර් ගනනාවක් කොටකෙතන ඇල දිගේ ඇවිත් දුෂණය කරන්න හදලා...

කහවත්ත ප්‍රදේශය කියූ සැනින් දැන් අපේ මතකයට නැගෙන්නේ එතරම් සුබදායි මතකයන් නොවේ.ඒ කහවත්ත කාන්තා ඝාතන 14 ක් හේතුවෙන් සලිත වී ඇති හෙයිනි.කහවත්ත කොටකෙතන ගමේ මේ බොහොමයක් සිදුවීම් සිදුවූ අතර මෙහි ඇති විශේෂත්වය වුයේ සෑම මිනිමරුමකටම ගොදුරු වුයේ කාන්තාවන් වීමය.

මෙම තත්වය යටතේ කහවත්ත ගම්මානය පුරාවට අත්භූත කතා පැතිරී ඇති අතර මෙම ලිපියෙන් එවන් කතාවන් කිහිපයක් විමසා බැලීම සිදුකරනු ලැබේ.

කහවත්ත ගම්වැසියන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම ඝාතන වලට තවමත් නැවතීමේ තිතක් නොමැති වීම ගැනය.පසුගිය බොහෝ මිනීමැරුම් වල ඝාතකයන් හෙළි වූ අතර ඔවුන් හා ඔවුන්ගේ නෑයන්ට පවා උන්හිටි තැන අහිමි වුනි.


ගෙවල් ගිනි තැබුණි.දේපල විනාශයට පත්විණි.එම ඉරණම අත්වන බව දැන දැනත් කහවත්තේ මිනිසුන් අපරාධ කිරීම සඳහා පෙළඹෙන්නේ ඇයි? බොහෝ අපරාධකරුවන් අවසානයේ පාපොච්චාරණය කරන්නේ "මට මේක කරන්න හිතුනා" යනුවෙනි.


ඒ අනුව කහවත්තේ ගම්වාසීන් විශ්වාස කරන එක් කතාවක් වනුයේ මේ පිටුපස ඉටු නොකළ නිධන් භාරයක් ඇති බවය.රත්නපුර - කහවත්ත යනු මැණික් වලින් පිරි භූමියක් වන අතර සාමන්‍යය කටයුත්තකට වුව පොලව හැරුවද මැණිකක් මතුවන බවට මතයක් ඇත.ඒ අනුව කිසියම් පිරිසක් විසින් නිධානයක් ගැනීමට ගිය වෙලාවේ නිසි පිලිවත් ඉටු නොකිරීම හේතුවෙන් යම් කිසි සාපයක් ගමට ඇති බවට කහවත්තේ ඇතැමුන් විශ්වාස කරති.

කහවත්තේ මිනිසුන් විශ්වාස කරන අනෙක් මතය වන්නේ මෙම මිනීමැරුම් හා කොටකෙතන ඇල සම්බන්ධව පුරවෘතයයි.කොටකෙතන ඇල මෙම මිනීමැරුම් වලට සම්බන්ධ වන්නේ සෑම මිනීමැරුමක් කල කාන්තාවකගේම නිවස පිටුපසින් මෙම කොටකෙතන ඇල ගලන නිසාවෙනි.කොටකෙතන ඇල සම්බන්ධව මිනීමැරුම් ඉතිහාසයක්ද ඇත.


එනම් කලකට පෙර රා මදින මිනිසෙකු විසින් කාන්තාවකට පිහියෙන් ඇන මිනිය කර තබාගෙන කිලෝමීටර් ගනනාවක් කොටකෙතන ඇල දිගේ පමිණ ඇති අතර කොටකෙතන පාලම යටින්ද ගෙන ගොස් ඇත.

ඔහු උත්සාහකොට ඇත්තේ තමා ඝාතනය කල කාන්තාව කොටකෙතන ඇලෙන් එපිට ලඳු කැලෑවකට ගෙනගොස් ලිංගික තෘප්තියක් ලබාගැනීමටයි. ගම් වැසියන් විසින් සෙවීමේදී ඔහු මිනිය ගසක් මුල දමා පැනගොස් ඇත.

මේ අප හෙළිකළේ කහවත්ත ගම්මානයේ පැතිර ඇති අත්භූත කතාය.මේවා බොහොමයක පදනමක් නැති කතා බව මෙයට පෙර කහවත්ත ඝාතනවලදී අප පෙන්වා දුන්නෙමු.අත්භූත ආකාරයට එක් අඟලක්ෂණ සහිතව මිනීමැරුම් සිදුවෙද්දී මෙවන් කතා පැතිරීම පුදුමයක් නොවේ.



 =============//==============


කොටකෙතන ගෙයින් ගෙට වැඩම කර හිමිවරු සෙත් පිරිත් දෙසති...
 
කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන උවදුරු පිළිබඳව ජනතාවගේ සැකබිය තුරන් කිරීමේ අරමුණින් පිරිත් දේශනා සහිත සෙත් ශාන්තිය උදාකිරීමේ පිංකමක්‌ පෙරේදා (29 දා) කොටකෙතන බෝමළුව අසලදී සිදුකරන ලදී. කොටකෙතන ප්‍රදේශයේ නිවාස හාරසිය පනහක්‌ පිහිටා තිබේ. 

එක්‌ භික්‍ෂූන්වහන්සේ නමක්‌ නිවාස පහක්‌ වෙනුවෙන් රතන සූත්‍රය දේශනා කරමින් ආශිර්වාද පිංකම සිදුකරන ලදී.මෙදින සවස්‌ කාලයේ බෝමළුව අසලදී මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සඡ්Cධායනා කර ගොඩකවෙල මහින්ද ධර්මායතනාධිපති කෝම්පිටියේ සුසීල හිමියන් විසින් ආශිර්වාද පතා ධර්ම දේශනයක්‌ ද පවත්වන ලදී.

කහවත්ත ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරී ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත කහවත්තේ සේනින්ද හිමියෝ ද මෙහිදී අනුශාසනාවක්‌ පැවැත්වූහ. සියලු ආගමික පුණ්‍යකර්ම සඳහා පනහකට අධික සංඝයා වහන්සේලා පිරිසක්‌ සහභාගි වූහ.

රත්නපුර උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ සමඟ කහවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති නෙරංජන් අබේවර්ධන මහතා සහ සිවිල් ආරක්‍ෂක කමිටු නිලධාරීන් පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
 
Related Posts with Thumbnails