Ads 468x60px

.

‘අයිස්ක්‍රීම්’ වෙනුවට ‘රයිස් ක්‍රීම්’

රයිස් ක්‍රීම් ගුණවත් අතුරුපසක්...

වෙනත් අයිස්ක්‍රීම් වර්ගවලට වඩා රසයත් ගුණයත් අනූනයි...

මිලෙන් ඉතා අඩුයි... 

කිරි සීනි වෙනත් රසකාරක යොදා සකස් කළ අයිස්ක්‍රීම් (හිමකිරම) වෙනුවට දේශීය සහල් උපයෝගිකොටගෙන නිෂ්පාදනය කළ රයිස්ක්‍රීම් විශේෂයක් ගන්නෝරුව කෘෂි ප්‍රදර්ශනයේදී ජනතාවට හඳුන්වා දී තිබේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂිභෝගය ලෙස සැලකෙන සහල් නිෂ්පාදනයේ වැඩිදියුණුවත් සමග අතිරික්ත‍යෙන් වෙනත් නිෂ්පාදන හඳුන්වාදීම මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිනී හේමන්තිකා ජයවර්ධන මහත්මිය ප්‍රධාන කාර්ය මණ්ඩලය නව අයිස්ක්‍රීම් වර්ගය හඳුන්වා දී ඇත. 

සහල්වලින් කිරි විශේෂයක් නිපදවා ඊට වෙනත් දේශීය රසකාරක සංයෝග කොට නිපදවන රයිස් ක්‍රීම් ගුණවත් අතුරුපසක් ලෙසත් භාවිතා කළ හැකි අතර එය නිපදවා ගන්නා ක්‍රමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් කඩිනමින් සිදුකරන බවද ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මෙය වෙනත් අයිස්ක්‍රීම් වර්ගවලට වඩා රසයත් ගුණයත් අනූන වන අතර මිලෙන් ඉතා අඩුය. මෙය පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ නිෂ්පාදනයකි.
 
Related Posts with Thumbnails