Ads 468x60px

.

කමල් අද්දරආරච්චි , ගණිකා මඩම් සහ ලංකාවේ ලිංගික අසහනය

ලිංගික අසහනයෙන්  ශ්‍රී ලාංකිකයා දැඩි ලෙස පෙලෙනවා...

කමල් අද්දරආරච්චි විසින් පයිප් පාරේ සම්භාහන ආයතනයක් මුවාවෙන්  ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට පුවත් පළවේ. පහත දැක වෙන්නේ ඒ සම්බන්දයෙන් පල වූ වාර්තාවකි.


..........පයිප් පාරේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 4500 කි. රුපියල් 4500 ක් ගෙවූ පසු බිල්පතක් නිකුත් කරන අතර එය රැගෙන ඇතුලට යා හැක.ඇතුලට යාමෙන් පසු තමන් කැමති තායි තරුණියන් තෝරාගත හැකි අතර ඔවුන්ගේ පහස ලැබීම සඳහා රුපියල් 5000 සිට ඉහලට මුදල් ගෙවිය යුතුය.  


මෙම මධ්‍යස්ථානය පිළිබඳව ඔත්තුවක් ලැබුණු පසු කොළොඹ පොලිස් මුලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ටාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ටි. ගනේෂනාදන් මහතාගේ උපදෙස් මත සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් එම ස්ථානයට ගොස් ඇත.  ඔවුන් රුපියල් 4500 බැගින් ගෙවා රිසිට් පතක් ලබා ගෙන් මධ්‍යස්ථානයට ඇතුල්වී ඇති අතර ඉන් අනතුරුව රුපියල් 5000 ක් ලබාදී තායි තරුණියන් දෙදෙනෙක් තෝරාගෙන මෙහි සිදුවන ගණිකා ව්‍යාපාරය පිලිබඳ මුලස්ථානයට දැනුවත්කර ඇත.   

ඒ අනුව පොලසි කණ්ඩායමක් විසින් එම ස්ථානය වහා වටලා එහි සිටි තායි තරුණියන් දෙදෙනාත් කළමනාකරුත් සහය කළමනාකරුත් අත්අඩංගුවට ගෙන ඇත.   මෙම අවස්ථාවේදී කමල් අද්දරආරච්චි ද මෙම ස්ථානයේ සිටි බව පැවසෙන අතර උසස් පොලිස් නිලධාරියෙකුට දුරකතනයෙන් කතා කරන ආකාරය හඟවමින් ඔහු සුක්ෂම ලෙස මෙම ස්ථානයෙන් පැනගොස් ඇත.  

පසුව කල විමර්ශන වලදී හෙළිවී ඇත්තේ මෙම නළුවා මෙම ජාවාරමේ මහා මොලකරු බවයි.මේ සඳහා තායි තරුණියන් 15 දෙනෙක් පමණ ගෙනවිත් ඇති අතර වටලන අවස්ථාවේ සිට ඇත්තේ තායි තරුණියන් දෙදෙනෙකු පමණි.....

කමල් අද්දරආරච්චි මේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයාද යන්න අපි දන්නේ නැත. නමුත් ලිංගික අසහනයෙන්  ශ්‍රී ලාංකිකයා දැඩි ලෙස පෙලෙන බවනම් අප දනිමු. දේශපාලකයන් ජනතාවගේ මුදල් වැය කරමින් නිලියන් හොර අඹුවන් ලෙස තබාගෙන සිටිමින් ජනතාවට සදාචාරය ගැන වැදී බණ කියති. 


පුජකයන් පැවිද්දන් රහසින් කාමයේ ආශ්වාදය ලබමින් ඇතැම් විට ළමා අපයෝජනයද කරමින් කාමයේ ආදීනව දේශනා කරති. ප්‍රාදේශීය දේශපාලන අපරාධකාරයෝ කුඩා දැරිවියන් දුෂණය කරති. දුෂණ සෙන්චරි සැමරීමට පාටි දමති.  

පොදු මිනිසාට සෑම අයුරකින්ම ලිංගික තහංචි දමා තිබේ. වෙබ් අඩවි තහනම්ය, සම්බාහන තහනම්ය, යුවලකට මූදු වෙරලකටවත් ගොස් නිදහසේ කතාබස් කල නොහැක. පොලිසියෙන් පැමිණ සදාචාරය චෙක් කරති, නැතිනම් චාටර්කාරයෝ කෙල්ල උස්සාගෙන යන්න බලති.

අවසානයේදී කාම පීඩනයෙන්  ඔල්මාදයට පත්   ලාංකිකයා  පොදු ප්‍රවාහනයේදී ආච්චි කෙනෙකුට හෝ හේත්තුවක් දමා පීඩනය පහ කර ගැනීමට තැත් කරයි, නැතහොත්  ගෑනි මැදපෙරදිග වහල් සේවයට ගිය විට දියණිය  අඹු කමට ගනී. 

මුළු ශ්‍රී ලංකා ද්වීපයම කාම අසහනයකින් වේලි ගොස් අත්තේ වියාජ සදාචාරය ගැන බොරුවට කතා කරමින් මිනිසුන්ගේ ජිව විද්‍යාත්මක අවශ්‍යතා යට ගැසීමෙනි. ලිංගික අසහනයෙන් පෙලෙන පොලිසිය ගණිකා මධ්‍යස්ථාන වැටලීමෙන් අමුතු අතල් එකක් ලබති. ගණිකාවන් පොලිසියට ගෙන අ විට පොලිසිය නොමිලේම තම අවශ්‍යතා ඉටු කරගෙන ගෑනු ටික උසාවි දමති.  

ගණිකා මධ්‍යස්ථාන වැටලු බව කියවෙන ප්‍රවෘත්ති ඉතාම අභිරුචියෙන් කියවන ලිංගික අසහනයෙන් පෙලෙන ලාංකිකයා මේ ගණිකා මඩම් පවත්වාගෙන යනවුන්  උල තැබිය යුතු බව කියති. හොරෙන් පව් කරන මිනිසුන්ම පව්කාරයන්ට ගල්  ගැසීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම පුදුමාකාරය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails