Ads 468x60px

.

සෝමාවතියේ හාස්කම් සුලභයි - ඒවා සියසින් දැකගැනීමට හැකි වෙන්නේ කලාතුරකින්...

චයිත්‍යයෙන් බුදුරැස් විහිදෙන ආකාරයත්...
චුඩා මානික්‍යයේ සිට කොත් කැරැල්ල දක්වා කිරි වැගිරෙන ආකාරයත්...
හෝකන්දර පදිංචි ඉඳුනිල් උදයංග හා නදීෂා පෙරේරා යන දෙදෙනා සියසින් දැකලා... 

 සෝමාවතී චෛත්‍යය ආශ්‍රිතව සිදුවන හාස්කම් මිට පෙර ඔබ අසා ඇතිවාට සැක නැත.සෝමාවතී චෛත්‍යයෙන් බුදුරැස් විහිදෙන අයුරු යනුවෙන් හදුන්වා  විඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත්වී තිබුණි.

තත්වය මෙසේ තිබියදී එක්තරා හිමිනමක් විසින් දිවයින පුරා බැතිමතුන් රැස්කරගෙන සෝමාවතී චයිත්‍යයේ බුදු රැස් විහිදෙන අයුරු බැලීමට වන්දනාවේ ගිය අතර ගංවතුරට කොටුවූ එම පිරිස ජිවිත ගලවාගෙන පැමිණියේ හමුදාවේ මැදිහත්වීමෙනි.



මෙවන් ආන්දෝලනාත්මක හාස්කම් සහිත සෝමාවතී පුදබිමේ තවත් හාස්කමක් හෝකන්දර පදිංචි ඉඳුනිල් උදයංග හා නදීෂා පෙරේරා යන දෙදෙනා විසින් පසුගියදා දැක ඇත.ඔවුන් දෙදෙනා විසින් පෙරවරු 07:57 ට පමණ චයිත්‍යයෙන් බුදුරැස් විහිදෙන ආකාරයත් 10:56 ට පමණ චුඩා මානික්‍යයේ සිට කොත් කැරැල්ල දක්වා කිරි වැගිරෙන ආකාරයත් සියසින් දැක ඇත.


මේ පිළිබඳව අදහස් කරන සෝමාවතී රජමහ විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් පවසා ඇත්තේ මෙවන් සිදුවීම් සෝමාවතියේ සුලභ බවත් ඒවා සියසින් දැකගැනීමට කලාතුරකින් එක අයෙකුට බවත්ය.
 
Related Posts with Thumbnails