Ads 468x60px

.

ඩෙංගු මර්ධනය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු...

ගෙවල් පරික්ෂාවට එන්නේ පොලිස්කාරයන් වගේ...

කන්තලේ තඹලගමුව ප්‍රදේශයේදී ඩෙංගු නිවාරණ වැඩසටහනක් කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකු මෝල් ගස් පහරකින් මරු වැළඳ ගත්තේය.


මෙම සිද්ධිය දැන් විභාග වෙමින් පවතියි.ඩෙංගු නිවාරණ වැඩසටහන් පැවැත්වීමට ගෙවල් වලට එන රජයේ නිලධාරීන් බොහෝ දෙනෙකුට මහජනයා සමග නියම පරිදි සන්නිවේදනයක් පවත්වාගෙන යමින් වැඩ කිරීමට දක්ෂතාවක් නැත. බොහෝ දෙනෙකු ගෙවල් පරික්ෂාවට එන්නේ පොලිස්කාරයන් මෙන් දබර ඇඟිල්ල ඔසවාගෙනය. 

ඔවුන් කිසිදු හේතු කරණා රහිතව මහජනයා පෙළමින් ඔවුන්  ප්‍රකෝප ගන්වති. එසේම සමහරු මිනිසුන්ට කතා කිරීමට දන්නේද නැත. මේ හැර  මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පාගා ඔස්තාර්ලා බවටද මහජනයා අතර මතයක් තිබේ. සමහර  මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඩෙංගු නිතිය යටතේ මිනිසුන් අමාරුවේ දැමීම සඳහා බොරු නඩුද ගොනු කර තිබුණු බව පසුගිය වකවානුවේදී හෙළි විය. 

ඩෙංගු මර්ධනය සඳහා තම නිලධාරීන් ගෙයින් ගෙට යවන විට ඔවුන්ට නිසි වෘතීයම පුහුණුවක් සහ  සන්නිවේදන පුහුණුවක් ලබා දීමට සෞඛ්‍ය  අමාත්යංශය පියවර ගත යුතුය. නැතිනම්  තඹලගමුවේ වැනි  සිද්ධි ඉදිරි කාලයේ යලි අසන්නට ලැබෙනු ඇත. 

එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු ජායාරුප එකතුවක් පහතින් බලන්න











- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails