Ads 468x60px

.

රියදුරා සහ ආරක්‍ෂකයින් අයාලේ මර්වින් බස් එකේ...

කිලෝ මීටර් 03 ක පමණ දුරක් ඇවිත්...

හසලක, පල්ලේවත්ත ගාමිණි දිසානායක ආදර්ශ විද්‍යාලයේ අද  පැවති ජංගම සේවාවකට සහභාගිවූ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය, මර්වින් සිල්වා මහතා අකරතැබ්බයකට මුහුණ දී ඇත.


ජංගම සේවාව පැවති ස්ථානයෙන් අමාත්‍යවරයා පිටතට පැමිණි අවස්ථාවේ ඔහුගේ රථය එහි තීබි නොමැත. අනතුරුව මර්වින් සිල්වා මහතා මහියංගණය නුවර මාර්ගයේ, නුවර දෙසට ධාවනය වන බස් රථයක නැගී කිලෝ මීටර් 03 ක පමණ දුරක් පැමිණ තිබේ.

එම අවස්ථාවේ අදාල රථය පැමිණ අමාත්‍යවරයා නංවා ගෙන ඇත.  රියදුරා සහ ආරක්‍ෂකයින් අදාල රථයෙන් පිටස්තර ස්ථානයකට ගොස් සිටි බව ද වාර්තාවේ.
 
Related Posts with Thumbnails