Ads 468x60px

.

සනත්ගේ තුන්වන නැ‍ටුම අසාර්ථකලු...

ඔහුට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණි...

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට මේ දිනවලදී සහභාගී වෙමින් සිටින බැව් අප මීට ප්‍රථම වාර්තා කර තිබෙනවා.




මෙම තරඟය වෙනුවෙන් සනත් ඉදිරිපත් කළ පළමු නර්තනයට විනිශ්ච මණ්ඩලයෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබුනු අතර එම නර්තනය වෙනුවෙන් ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.


ඉන් පසුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (24) වනදා ඉදිරිපත් කල අතර එයටද විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා ගනිමින්.


ඊයේ (02) දිනයේ සනත් ජයසුරිය හා සුචිත්‍රා "සල්සා" නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදුන අතර එයටනම් විනිශ්ච මණ්ඩලයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ නැහැ.


විනිශ්ච මණ්ඩලය ලකුණු ලබාදීමට පෙර සනත් පවසා සිටියේ මෙයට පෙර ඉදිරිපත් කල නර්තන දෙකම මහන්සි වී පුරුදු වූ නමුත් මෙම නැටුම සඳහා තමාට වෙහෙසවීමට නොහැකි වූ බවයි. ඒ අනුව ඔහුට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණි.
 
Related Posts with Thumbnails