Ads 468x60px

.

මව් පදවිය ලැබීමෙන් පසුව සංගීතා නැවතත් රඟපෑමට...

දරුවා ආසාවෙන් බොන කිරි ටික මවක් ලෙස මම දෙන්න  ඕනෑ...

දැන් සංගීතා නැවතත් රඟපෑමට එක්වෙලා. වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනය කරන ”දෝනි” චිත‍්‍රපටය සමග ඇය මෙලෙස යළිත් රඟපෑමට එක්ව සිටිනවා. 


මෙහි අනෙක් විශේෂත්වය වන්නේ කමල් අද්දරආරච්චිද නැවත කරළියට පැමිණීමයි. කමල් සහ සංගීතා මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත යුගල ලෙස හඳුන්වන්න පුළුවනි. සංගීතා නැවතත් රඟපෑමට පැමිණීමට අමතරව රූ රැජිණ තරග සංවිධානය කිරීමටත් දායක වන බව ආරංචියි.


සංගීතා නැවතත් රඟපෑමට. එහෙම නේද?
මහේෂ්, නිශාන්ත සහ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට වලට රඟපෑමෙන් එක්වුණා. ඊට අමතරව තමයි දෝනි චිත‍්‍රපටයේ රඟපෑමට එක්වුණේ. මේ චිත‍්‍රපට සියල්ලට දායක වුණේ ”උත්පලවණ්ණා” සහ තිරගත වීමට නියමිත නිම්නයක හුදෙකලාව චිත‍්‍රපටවල රඟපෑමෙන් පසුවයි. හරියටම කිව්වොත් අවුරුදු දෙකහමාරකට විතර පසුවයි.




දෝනි චිත‍්‍රපටයේ අනෙක් ප‍්‍රධාන චරිතය රඟපාන්නෙ කමල් අද්දරආරච්චි. ඒ ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මේ චිත‍්‍රපටයේ චරිතය තෝරා ගැනීමට එය තවත් එක් හේතුවක් වුණා. රංගනයේදී ඊළඟ චරිතය සම සමව තිබීම ශිල්පියකුට හෝ ශිල්පිනියකට වැදගත්. මේ සුසංයෝගය චිත‍්‍රපටයට හොඳ දායකත්වයක් වේවි.

මේ සමගම නැවතත් දිගටම රඟපෑමේ කටයුතුවල යෙදෙන්නද කල්පනාව?
ඔව් දැන් මට ඒ නිදහස ලැබිලා තියෙන්නෙ. මොකද දුව පෝෂ්‍යා දැන් පෙර පාසල් යන වයසට ලංවෙලා. නැන්දම්මා සිටින්නෙත් අපි එක්කයි. එයාලගෙන් වගේම රොෂාන්ගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. ඒ නිසා දැන් නැවතත් රඟපෑම් කටයුතුවල නිරත වෙන්න පුළුවනි.

සිනමාවේ තරු කිරුළ තවමත් රැකගෙන සිටියත්, ඔබ ඔබගෙ සිරුරෙ හැඩය ගැන හිතන්නෙ නැහැ කියලා ක්ෂේත‍්‍රයේ අය කියනවා නේද?
වෘත්තීය ශිල්පිනියක් ලෙස අනිවාර්යයෙන්ම සිරුරේ හැඩය ගැන හිතන්න වෙනවා. ඒත් මවක් වුණාට පස්සෙ මට වඩා වැදගත් ඒ මව් චරිතයට අර්ථයක් ලබාදීමයි. මගේ සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දරුවාට කිරි දී පෝෂණය කිරීම ඊට වඩා වැදගත්.

දරුවා ආසාවෙන් බොන කිරි ටික මවක් ලෙස මම දෙන්න  ඕනෑ. ඒ හැරත් අපේ පරම්පරාවේ ආරය අපට වෙනස් කරන්නත් බැහැ. කොහොම වුණත් මගේ පෙනුමේ වැදගත්කම රංගනයට අත්‍යාවශ්‍ය නොවන්නෙ චරිතය ගැන විතරක් හිතන නිසයි.


 
Related Posts with Thumbnails