Ads 468x60px

.

උදාරි දූ සිඟිත්තියක් බිහිකරයි...තව මාසයකින් ලංකාවට...

මව සහ දියණිය ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයෙන්...

කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතයට...

සිය කුළුදුල් දරුඋපත සදහා සිංගප්පුරුවට ගිය උදාරි පසුගිය සිකුරාදා සුරතල් දියණියක් බිහි කළාය. ඇය බලාපොරොත්තු වූ පරිදිම දියණියක් ලැබීම නිසා උදාරි සිටින්නේ ඉතාමත් සතුටින්ය.



මව සහ දියණිය ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. දූ සිඟිත්තිය ද රැගෙන තවත් මාසයකින් පමණ උදාරි ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන අතර මෙරටට පැමිණි පසු කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතය යළි ආරම්භ කරන්නට ද ඇය අදහස් කරගෙන සිටියි.


සිංගප්පූරුවේ සෙන්තොසා හි පිහිටි නිවාස සංකීර්ණයක නිවාඩුව ගත කරන උදාරිගේ ජීවිතයට දියණිය නිසා මහත් ආලෝකයක් ලැබුණු බව ඇය පැවුසුවේ හද පිරි සතුටින්ය.



උදාරි සිංගප්පූරුවේදී ගන්නා ලද නවතම ඡායාරූප කිහිපයක් පහතින්.




 
Related Posts with Thumbnails