Ads 468x60px

.

ප්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීන්ගේ රාජකාරිය දැරියන් දූෂණය කරන එකද..?

මෙවර දූෂණයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 14 ක දැරියක්..... කලින් දහඅට හැවිරිදි තරුණියක්....

ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් අකුරැස්සේ  ප්‍රාදේශීය සභාවේ සභාපති  මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට...

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට සැක කරුවකු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස් එල් සුනිල් නැමැත්තා මාතර පොලීසිවිසින් අත්අඩංගුවට ගැනුනා.

දූෂණයට ලක්වී තිබෙන්නේ වයස අවුරුදු 14 ක දැරියක්. පසුගිය මස 23 දිනත් 30 දිනත් අතර දී පැහරගෙන ගොස් මාතර අකුරැස්ස ප්‍රදේශයේ ලැගුම් හලකදී මෙම දැරියව දූෂණය කර ඇති බවට මාතර විශේෂ පොලිස් කණ්ඩායම විසින් සොයාගෙන තිබෙනවා.

දැරියගේ ප්‍රකාශයක් අනුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මීට පෙර පූජාපිටිය ප්‍රදේශයෙන් ද මෙවැනිම තොරතුරක් වාර්තා උනා. ඒ පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු හා ත‍්‍රීරෝද රථ රියදුරෙකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව රාත‍්‍රියක් පුරා අතවර කිරීමේ සිද්ධියයි.


එම දහඅට හැවිරිදි තරුණියක්ව දූෂණය කිරීමේ වරදට සැකකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයා සහ ත්‍රීරෝද රථ රියදුරකු වන චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි අත් අඩංගුවට ගැනුනා.

එම තරුණිය ඉකුත් මාර්තු මස 19 වැනිදා පස්වරුවේ පැහැරගෙන එම ප‍්‍රදේශයේම සැකකාර මන්ත‍්‍රීවරයාට අයත් කැප්පෙටිපොල ප‍්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් අතවර කර ඇති බවටයි ඔවුන් චෝදනා ලැබ සිටින්නේ.


මේ අතර බන්ධනාගාර ගත කළ අකුරැස්සේ  ප්‍රාදේශීය සභාවේ සභාපති  මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් මෙම වාට්ටු ලැබි ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි

 
Related Posts with Thumbnails