Ads 468x60px

.

“ෆෝ බයි ෆෝ” ක්‍රීඩාවට වගකිව යුතු පාලක සංගමයක් නෑ...

Video කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු එම අවස්ථාවේ දී මරණයට...
ප්‍රේක්‍ෂකයන්ට නිසි ආරක්‍ෂිත කලාපයක් වෙන්කර නෑ...

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී දෙදෙනෙකුට මරු කැදවූ “ෆෝ බයි ෆෝ” ත්‍රාසජනක ක්‍රීඩා තරග රටපුරා පැවැත් වුවද ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලක සංගමයක් නොමැති බව වාර්තා වේ.


මේ හේතුවෙන් “ෆෝ බයි ෆෝ” ක්‍රීඩාව පිළිබඳ වගකිව යුතු පිරිසකගෙන් සමන්විත සංගමයක් බිහිකර නීති පද්ධතියකට යටත් කළ යුතු බව මෝටර් රථ හා ජීප් රථ ධාවකයෝ ඉල්ලා සිටිති.

මේ අතර කොච්චිකඩේ “ෆෝ බයි ෆෝ” ජීප් රථ ධාවන තරගය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය ට නියෝග කර තිබේ.

මීගමුව කොච්චිකඩේ ඕවිටියාවත්ත නැමැති ඉඩමේ මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වීමට අවසරය හා එය නැරඹීමේ දී ප්‍රේක්‍ෂකයන්ට නිසි ආරක්‍ෂිත කලාපයක් වෙන් කිරීමට කටයුතු යොදා තිබුණේ ද යන්න මේ පරීක්‍ෂණයෙන් කරුණු අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන් ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී පැවසුවේ “ෆෝ බයි ෆෝ” ජීප් රථ ක්‍රීඩාව තම සංගමයට සම්බන්ධ නොමැති බව යි. එය තරගයක් නොවන බව පෙන්වා දුන් මහේෂ් ගම්මන්පිල මහතා පැවැසුවේ අභියෝග ජය ගැනීමක් ලෙස සිතන බව යි. 

මේ ආකාරයෙන් මැලේසියාවේ වනාන්තර ප්‍රදේශ ආශි‍්‍රතව ද “ෆෝ බයි ෆෝ” ක්‍රීඩාව පැවැත්වෙන බව පැවැසූ ඒ මහතා පැවැසුවේ කැලේ මැද සිට බාධක ගෙවා ජීප් රථ ධාවනය එම තරගයේ ස්වභාවය වන බව ය.
කොච්චිකඩේ ඕවිටියාවත්ත නැමැති ඉඩමේ පැවැති තරගය එම ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක් සංවිධානය කර ඇති අතර තරගය නරඹමින් සිටි දෙදෙනෙකු මරණයට පත් විය.

“ෆෝ බයි ෆෝ” ක්‍රීඩාවට එක්වූ ජීප් රථයක් ධාවන පථයේ විශාල වලක වැටී මඩේ එරී තිබූ හෙයින් දොඹකරයක් ආධාරයෙන් එය ඉවතට ගැනීමට උත්සහ දරා තිබේ. ජීප් රථය දොඹකරයෙන් අදින අයුරු ජංගම දුරකථනයක් මගින් Video කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු එම අවස්ථාවේ දී මරණයට පත් විය. දොඹකරයේ දම්වැලට සම්බන්ධ කොට තිබූ ජීප් රථයේ චැසිය ගැලවී වැදීමෙන් මේ සිද්ධිය ඇතිවී තිබුණි.






















 
Related Posts with Thumbnails