Ads 468x60px

.

විවිධ සමාගම් Facebook Likes ගන්න මුදල් නාස්ති කරනවා...

Facebook likes මත සියළු කාරණා තීරණය නොකරන්න...

සිය නිෂ්පාදන පිළිබඳව කැමැත්තක් නොමැති අයගෙන් Facebook හරහා likes ලබාගැනීමට සමාගම් විසින් විශාල මුදලක් නාස්ති කරන බව බී.බී.සී. පුවත් සේවාව හෙළිකර තිබේ.


මෙවැනි ලින්ක් වලට පැමිණෙන බොහෝ පුද්ගලයින් සිය පුද්ගලික තොරතුරු වසන් කරමින් හොර ගිණුම් මාර්ගයෙන් පැමිණෙන බවද අනාවරණය කර ඇත.

කෙසේවෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් Facebook සමාගම පවසා තිබෙන්නේ මෙය විශාල ප්‍රශ්නයක් ලෙස නොදකින බවයි.ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ නාම වල අලෙවිකරණ දෙපාර්තමේන්තු Facebook හරහා ලැබෙන Likes සිය අලෙවිකරණයේදී ඉහළින්ම යොදාගනී.

Facebook වෙබ් අඩවිය සමාගම් වල වෙළඳ දැන්වීම් පළකිරීම මගින් මුදල් උපයන අතර සමහර සමාගම් මේ හරහා මිලියන ගණනක likes ලබාගෙන ඇත.

බී.බී.සී. ලෝක සේවය සම්බන්ධ කරගෙන තිබෙන අලෙවිකරණ උපදේශකයෙකු සිය සේවා දායකයින්ට අනතුරු හඟවා තිබෙන්නේ likes මත සියළු කාරණා තීරණය නොකරන ලෙසයි.

සිය වෙබ් අඩවියේ සිටින මිලියන 901 ක් පමණ වන ප්‍රමාණයෙන් සියයට 5-6% අතර ප්‍රමාණයක් වංචා සහගත ලෙස කරුණු ඇතුළත් කළ හොර ගිණුම් බව මේ වසර ආරම්භයේදී Facebook පවසා තිබුණි.
එම ප්‍රමාණය මිලියන 54 කට ආසන්නය.
 
Related Posts with Thumbnails