Ads 468x60px

.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට ආරාධනා ලැබුනොත් හිතල බලනවා - අමීෂා

බිකිණිය මගෙ සිරුරට හොඳට ගැලපෙනව...

චිත්‍රපට නිළියක් වන අමීෂා කාවින්දි පවසන්නේ ඇය රංගනයට පිවිසියේ තම දක්ෂතාවය සහ හැකියාව මෙන්ම වාසනාව පමණක්ම නිසා බවයි.

මෙතෙක් ඇය දායක වූ සියළුම චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුනේ තම පෙම්වතා වන අර්ජුන කමලනාත් සමඟ පමණක් බවත් ඉදිරියේ දී වෙනත් නළුවන් සමඟ වුවද රගපෑමට තීරණය කල බවද ඇය පවසන්නේ මෙලෙසයි.



අමීෂා කියන්නෙ කවුද?
සරල, ඇත්තට මුහුණදෙන කෙල්ලෙක්.

අමීෂා නිළියක් වුනේ ඇයි?
ආසාවට. දක්ෂකමක් තිබුන නිසා. හැබැයි ඒක අහම්බයක්.
 
අහම්බයෙන් නිළියක් වෙන්න පුළුවන්ද?
අපේ දක්ෂකම අධ්‍යක්ෂක වරයෙක් දැක්කොත් නොහිතන වෙලාවක නිළියක් වෙන්න පුළුවන්. මගේ නර්තන හැකියාව දැකපු අධ්‍යක්ෂක වරයෙක් නිසයි මම නිළියක් වුනේ.

නිළියක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද?
දක්ෂතාවය, වාසනාව වගේම කියන දේ තේරුම් ගැනීමේ හැකියාවත් තියෙන්න ඕන.

ඔය සුදුසුකම් සපුරලද අමීෂා නිළියක් වුනේ?
ඔව් එහෙම නැතිව අධ්‍යක්ෂකවරු, නිශ්පාදකවරුන් පස්සෙ ගිහිල්ලනම් නෙවෙයි.

එහෙම යන අයත් ඉන්නවද?
නැත්තම්....

කොහොමහරි නිළියක් උනා කියමුකෝ. ඒත් කොහොමද ජනප්‍රිය නිළියක් වෙන්නෙ?
ඒකනම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ජනප්‍රියකම තමන්ගෙ හැකියාවෙයි වාසනාවෙයි ප්‍රතිඵලයක්.

කෙටි ක්‍රමයක් නැද්ද?
තියනවා. හැබැයි ජනප්‍රිය වෙන්න බැහැ. ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.

අමීෂා ජනප්‍රිය ද? ප්‍රසිද්ධ ද?
චිත්‍රපටි බලන ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි කියල හිතනවා. ටෙලිනාට්‍ය රඟනොපාන නිසා සමහරු මම ගැන නොදැන ඉන්නත් පුළුවන්. නමුත් මම ප්‍රසිද්ධ නැහැ.

අමීෂා පෙම්වතියක්?
ඔව්.

අර්ජුන කමලනාත් කියන්නෙ ඔබේ කවුද?
මගේ පෙම්වතා.

නළුවෙක් පෙම්වතා කරගන්න හිතුවෙ ඇයි?
ඔහු මට ගැලපුණ නිසා.

නළුවන්ව විශ්වාස කරන්න පුළුවන්ද?
මට අර්ජුනව විශ්වාසයි. එතනින් එහාට මම හිතන්නෙ නැහැ.

වඩා හොඳ යෝජිත විවාහද? පේම විවාහ ද?
ඔය දෙකම සාර්ථක වෙන අවස්ථාත් තියනව අසාර්ථක වන අවස්ථාත් තියනවා.

විවාහයට පෙර තම පෙම්වතා එක්ක එකට වාසයකිරීම සුදුසුයි කියල හිතනවද?
තමන්ට හොඳයි නම් ගැටළුවක් නැහැ.

ඔබට ඒක ගැටළුවක් නෙවෙයිද?
නැහැ. ප්‍රසිද්ධියේ නොකිව්වට කලා ක්ශේත්‍රයේ බහුතරයක් ඔහොම කරනවනේ. පස්සෙ ලෝක චාරිත්ත්‍රයට පෝරුවේ නැගලා විවාහ වෙනවා.

ලෝක චාරිත්‍රයට ඔබ පෝරුවේ නගින්නෙ කවදද?
ලෝක චාරිත්‍රයට පෝරුවේ නැගලා විවාහ වෙන්න අදහසක් නම් නැහැ. හැබැයි අපි නීත්‍යානුකූලව විවාහ වන දවසට නෑදෑ හිත මිතුරන්ට පාටියක් දෙනවා.

පෙම්වතා ඔබට රංගනයේ සීමා මායිම් දානවද?
නැහැ. ඔහු මට සීමා පනවලා නැහැ.

එහෙනම් ඔහු සමඟ පමණක් රඟපාන්නෙ ඇයි ?
මට ආරාධනා ලැබෙන්නෙම ඔහු රඟපාන චිත්‍රපටි වලටනේ.

ඒ කියන්නෙ ඔබ ඔහුගෙ පහනින් එළිය බලනවා?
නැහැ. මාව චිත්‍රපට වලට සම්බන්ද කරගන්න කියල ඔහු කවදාවත් අධ්‍යක්ෂක වරුන්ට, නිශ්පාදක වරුන්ට කියල නැහැ.

එහෙනම් ඔහු රඟපාන චිත්‍රපට වල පමණක් රඟපාන්න තීරණය කලේ ඇයි ?
මම මුලදි එහෙම තීරණයක් අරගෙන තිබුනා. ඒත් ඒ ඔහුගෙ බලපෑමටනම් නෙවෙයි. නමුත් මම දැන් ඒ තීරණය වෙනස් කරලා තියෙන්නේ. දැන් මම වෙනත් නලුවන් සමඟත් රඟපාන්න සූදානම්.

චරිතයක් වෙන්න අඩනිරුවත් වෙන්න කැමතිද?
ගැලපෙනවානම් ගැටළුවක් නෑ.

ඒ නිසාද ඔබේ පෙම්වතා අධ්‍යක්ෂණය කල "ඉගිලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටයේ බිකිනිය ඇන්දෙ?
ඔව්. ඒක ඒ චරිතයට සහ අවස්ථාවට අවශ්‍ය උනා. ඒ නිසා මම බිකිණිය ඇන්දා.

හැදිච්ච ගෑනු ළමයෙකුට ඔය ඇඳුම ගැලපෙනවද?
මම බිකිණිය ඇඳගෙන පාරෙ ගියෙ නැහැ. අනිත් එක පිහිණුම් තටාකයාට බිකිණිය නැතිව ඔසරිය ඇඳින්න බැහැනේ. ඒ වගේම තමයි ඔය ඇඳුම හැමෝටම ප්‍රසිද්ධියේ අඳින්න බැහැ. ඒකට ගැලපෙන ශරීරයක් තියෙන්න ඕන.

ඔබේ සිරුරට බිකිණිය ගැලපෙනව කියල හිතනවද?
ඔව්. මට ඒ ඇඳුම හොඳට ගැලපෙනවා.

ඔබේ පෙම්වතා ඔබේ අඩනිරුවත චිත්‍රපටය වෙනුවෙන් මාකට් කලා කියල ඔබට හිතෙන්නෙ නැද්ද?
නැහැ. ඒ දර්ශණය චිත්‍රපටයට අවශ්‍ය දෙයක්.

ලස්සන නිලියන්, ලස්සන පසුතල, අඩනිරුවත් ඇඳුම්. මේ දේවල් චිත්‍රපටය මාකට් කරන්න පුළුවන් කියල හිතනවද?
බැහැ. ලස්සන කතාවකුත් තියෙන්න ඕන. නැත්නම් චිත්‍රපටයට පැවැත්මක් නැහැ.

අර්ජුනගෙ "ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ" චිත්‍රපටය ජනප්‍රිය වෙයි කියල හිතෙනවද?
ඔව්. ට්‍රේලර් එකටම හොඳ ප්‍රතිචාර තියනවා.

නිළියකට රංගන ජීවිතයේ සීමා මායිම් තියෙන්න පුළුවන්ද?
බැහැ. එහෙම උනොත් ඒක වෘතීය රංගනයට කරන අසාධාරණයක්.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට අමීෂාට ආරාධනා ලැබුනොත්?
ඒ ගැන නම් හිතල බලනවා. ඉස්සෙල්ල පිටපත බලන්න ඕනෑ.
 
Related Posts with Thumbnails