Ads 468x60px

.

රනිල්ට සෙනසුරු ඒරාෂ්ඨකයක් නිසා කැබලිත්ත දේවාලය වැඳීමට යයි...

වැසිකිළි යාමට ජංගම කොමඩ් එකක්...

වැඳීමට හේතුවී තිබුනේ ජ්‍යෙතිෂවේදීන් අගෝස්තු 5 වැනිදා ග්‍රහ මාරුවත් සමඟ රනිල්ට සෙනසුරු ඒරාෂ්ඨකයක් තියෙනවා කියපු හින්දලු...

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අතිශය සමීප හිටපු මංත්‍රීවරයෙකු වන සාගල රත්නායකද සමඟ කතරගම කිරිවෙහෙර වන්දනාමාන කිරීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව විශේෂ හාස්කම් පවතින බව කියන සුප්‍රසිද්ධ දේවාලයක් වෙත ගොස් ඇත. එම දේවාලයේ ඇති විශේෂය නම් ඊට ඇතුළු වන තැනැත්තා උඩුකය නිරුවතින් පැමිණිය යුතු වීමයි. ඒ අනුව මහා රාත්‍රියේම ස්නානය කොට පිරිසිදුවූ රනිලුත් සාගලත් උඩුකය නිරුවතින් මෙම දේවාලයට ගොස් තිබෙනවා.

සිතුල්පව්වෙන් පසු ඔවුන් දෙදෙනා ගොස් ඇත්තේ මහත් හාස්කම් ඇති බවට සැලකෙන කැබලිත්ත දේවාලය වැඳීම සඳහාය.

මේ සඳහා මාසයක පමණ කාලයක් මස් මාලු නොකා පේවූ රනිලුත් සාගලත් එහි යාමට නියමිතව තිබුනේ මොනරාගල කොටියාගල හරහාය.

සාමාන්‍යයෙන් කොටියාගල එජාප ජන පදනමක් සහිත ගමක් වුවද රනිල් කැබලිත්ත බලා ගියේ සිය පාක්ෂිකයන් සමඟ නොව කොටියාගල ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වූ ගමගේ සමඟය. එම අවස්ථාවේ සාගලටත් රනිල්ටත් එජාප පාක්ෂිකයන් විරෝධය දක්වා තිබුණා.

කැලෑව තුලදී ගම්මාන වලදී කැසිකිළි වැසිකිළි යාමට අවශ්‍ය වුවහොත් සාමාන්‍යය නිවෙස් වල වැසිකිළි වලට ගොස් පුරුද්දක් නොමැති නිසා රනිල් සිය ජීප් රථය තුල කොමඩ් එකක් සහිත ජංගම වැසිකිලියක් කලින්ම සූදානම් කරගන තිබෙනවා.





රනිල් කැබලිත්ත වැඳීමට හේතුවී තිබුනේ ලබන අගෝස්තු 5 වැනිදා සිදුවන ග්‍රහ මාරුවත් සමඟ රනිල්ට සෙනසුරු ඒරාෂ්ඨකයක් උදාවන බව ජ්‍යෙතිෂවේදීන් පැවසීමයි.
 
Related Posts with Thumbnails