Ads 468x60px

.

තරුණියන් බාගෙට ඇඳගෙන පාරෙ යනකොට බලහත්කාරකම් කරන්න හිතෙනවා - මර්වින්

අපේ තරුණියන්…නොපෙනෙන දේවල් උස්සල පෙන්නගෙන යනව...

මුස්ලිම් කාන්තාවන් සිය ශරීර අංග වසාගෙන සිටින බැවින් පිරිමි පක්‍ෂයට ආශාවක් ඇති නොවන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.


අනිත් තරුණියන් බාගෙට කාලෙට ඇඳගෙන පාරෙ යනකොට බලහත්කාරකම් කරන් හිතෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ මඩකලපුව රිදීතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

අමාත්‍යවරයා මෙසේද කීය.

‘බලන්න කාන්තා පක්‍ෂය, ඔළුව වහගෙන.. ඇඟත් වහගෙන. සමහර ඉස්ලාමීය කාන්තාවන් මූණත් වහගෙන. ඇයි ඒ… තමන්ගේ සංස්කෘතිය රැකෙනකොට පිරිමි පක්‍ෂයට ආශාවක් ඇතිවෙන්නෙ නැහැ. 

අපේ තරුණියන්… එක්කො ඇඳුම කොටයි. එක්කො අත් නෑ. එක්කො කර නෑ. නොපෙනෙන දේවල් උස්සල පෙන්නගෙන යනව. බෞද්ධයෙක් හැටියට අත වනන කොට කවුද අහක බලන්නෙ. අත වනනකොට යන්න හිතෙනව. 

ගියාම අකමැතිනම් පොරබදන්න හිතෙනව. අන්න පොලීසියෙ නඩුව බලහත්කාරකමක් කිරීම. බලහත්කාරකම් කරන්න පෙළඹුවෙ කවුද? අර බාගෙට කාලට ඇඳගගෙන සමාජගතවෙච්ච ඒ තරුණියන්’
 
Related Posts with Thumbnails