Ads 468x60px

.

දෙදෙනෙකුට දෙවිදිහකට සලකන්නේ ඇයි...?

මහාචාර්ය නලීන් ද  සිල්වා මහතා ඉරිදා දිවයින පත්‍රයට මෙසේ කියා තිබුණි.


රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන කැලණිය විශ්ව විද්‍යාලයේ කණ්‌ඩායමට පළමුවෙන් ප්‍රකාශ කළේ නාථ දෙවියන්ය. 


එතුමන් සමඟ හිඳිමින් වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් අපට උපදෙස්‌ දුන්නේ විපස්‌සක දෙවියන්ය. ඒ සියල්ල අප ලබාගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. ඒ මහත්මිය බටහිර වෛද්‍ය විද්‍යාව හෝ හෙළ වෙදකම හෝ දැන සිටි කාන්තාවක්‌ නොවේ. දෙවියන්ගෙන් ලැබුණු තොරතුරු අනුව රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ය. "


අපේ ගමේ සෙල්ටන් නම් ඉස්කෝලේ මහත්තයෙක් සිටියේය. මේ මහත්තයා තමන් හමුවීමට  දෙවියන් රෑට රෑට පැමිණ නිදන් වළලා තිබෙන තැන් කියන බව නිතර කිවේය. මේ නිසා හැමදාම සෙල්ටන් ඉස්කෝලේ මහත්තයා රෑට නිදියන්නේ නැතිව කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන දෙවියන් එන තෙක් සිටීමට පුරුදු විය. 

මේ මළ කරදරය නිසා සෙල්ටන් ඉස්කෝලේ මහත්තයාගේ බිරිඳ සහ ළමයි ඔහුව මුල්ලේරියාවේ දොස්තර කෙනෙකුට පෙන්නුවේය. සෙල්ටන් ඉස්කෝලේ මහත්තයා දොස්තරටද තමන් හමුවීමට  දෙවියන් රෑට රෑට පැමිනෙන අයුරු සහ අවවාද උපදේස දෙන හැටි ගැන කිවේය. දොස්තර මහතා සෙල්ටන් ඉස්කෝලේ මහත්තයාගේ පස්සට ඉන්ජක්ෂන් එකක් ගසා වාට්ටුවට ඇතුළු කළේය. මාසයකට පසු ඉස්කෝලේ මහත්තයා ගමට ආවේය. ඉන්පසු ඔහු දෙවියන් රෑට රෑට තමන් හමුවීමට  පැමිණ අවවාද උපදේස දෙන කථා කිවේ නැත.


මහාචාර්ය නලීන් ද  සිල්වා මහතාට සහ සෙල්ටන් ඉස්කෝලේ මහත්තයාට අපේ සමාජය දෙවිදියකට සලකන්නේ මන්ද කියා අපට නොතේරේ. එක්කෝ මහාචාර්ය නලීන් ද  සිල්වා මහතාට පිස්සුය, නැතිනම් අපට පිස්සුය. එසේ නැතිනම් දිවයින පත්තරකාරයාට පිස්සුය.


- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails