Ads 468x60px

.

ජාත්‍යන්තර පාසල් සහ රටේ සදාචාරය...

ජාත්‍යන්තර පාසල් සංස්‌කෘතිය අද අපේ රටේ සදාචාරය ගිල ගනිමින්...

ඉරිදා දිවයින  පුවත්පතේ අජිත් අලහකෝන් විසින් ලියන ලද  පෝරකයෙන් අවසන් වූ රෝයල් පාර්ක්‌ පෙම් වියරුව අකලට වැනසුණු කුසුමක සුසුමක්‌ ලිපියේ  මෙසේ සඳහන් වේ.

ජාත්‍යන්තර පාසල් සංස්‌කෘතිය අද අපේ රටේ සදාචාරය ගිල ගනිමින් පවතී.මෙම පාසල්වල ඉගෙන ගන්නා දරුවන් කුඩා කල සිට රාත්‍රි සමාජ ශාලාවලට යැම, මත්පැන් පානය කිරීම, වැනි දැ තම අධ්‍යාපනයේම කොටසක්‌ බවට පත්කරගෙන සිටිති. ඊට කාන්තා පිරිමි භේදයක්‌ නොමැත. ඇත්තනි ජූඩ් ෂර්මන්ත සිසුවාද ගොදුරු වූයේ මේ  බෙදවාචකය. ඉවෝන් කරලැයින් දෙදෙනා ගොදුරු වූයේද මේ  බේදවාචකයටමය.


ජාත්‍යන්තර පාසල් සංස්‌කෘතිය අද අපේ රටේ සදාචාරය ගිල ගනිමින් පවතීද නැද්ද යන්න ගැන අප දන්නේ නැත. ජාත්‍යන්තර පාසල් කෙසේ වෙතත් නිල් බලකායේ නියමුවන් අපේ රටේ සදාචාරය ගිල ගනිමින් සිටින බව නම් පෙනෙන්නට තිබේ. 


අප දන්නා තරමට  ගෑනු  ඇඳවල් වල ගැට ගසා දුෂණය කරන ජුලම්පිටිය අමරේ  අධ්‍යාපනය ලැබුවේ  ජාත්‍යන්තර පාසලක නොවේ,   බල වයස්කාර දැරිවියක්   දුෂණය කල සහ කාන්තාවන් 400 සමග ලිංගිකව හැසිරුණු නිසා පාටි දැමු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් මාරගොඩ නොහොත් සාරුව ලියනගේ සුනිල් අධ්‍යාපනය ලැබුවේ  ජාත්‍යන්තර පාසලක නොවේ.  

දැරිවියක්  දුෂණය කල  තංගල්ල සංධානයේ නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ අධ්‍යාපනය ලැබුවේ  ජාත්‍යන්තර පාසලක නොවේ , සංචාරකයෙකු මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කල තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ  අධ්‍යාපනය ලැබුවේ  ජාත්‍යන්තර පාසලක නොවේ . 

මේ හැර ඇඟ පුරාම පච්චා කොටගෙන සිටින පාතාල නායකයෙකු මෙන්ම සියම් මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාලූ දිසාවේ සංඝ නායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ඉගෙනුම ලැබුවේ ජාත්‍යන්තර පාසලක බව අප අසා නැත. 

එහෙත්  අප නොදන්නා දේවල් බොහෝ තිබේ. ඒ අනුව ඉහත නම් සඳහන් නිල් බලකායේ කාන්තා හා ළමා   දූෂකයන් , පාතාලේ නායකයන්  යම් ලෙසකින් ජාත්‍යන්තර පාසල් වල ඉගනගත් පුද්ගලයන් නම් මේ රටේ සදාචාරය පවත්වා ගැනීම   සඳහා   ජාත්‍යන්තර පාසල් තහනම් කල යුතුය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails