Ads 468x60px

.

මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව ලබන 16 වනදායින් පසුව නැවත පවත්වනවාලු...

ජනපති ඉල්ලා තිබුනේ ධාතු ප්‍රධර්ශනය තිබෙන තෙක් පමණක් බිලි පුජාව නවත්වන ලෙසයි...

පුජකවරයා නිවේදනය කලෙත් "මෙම බිලි පුජාව තාවකාලිකව" නතර කර බවයි...

හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පසුගිය කාලය පුරාවට උණුසුම් මාතෘකාවක්ව පැවතුනා.බෞද්ධ ආගමික බහුතරය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල අතර මේ වනවිට එය නැවත කරලියට පැමිණ තිබේ.

මෙහිදී කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා විසින් කියා සිටියේ
සතුන් විශාල සංඛ්‍යාවක් නොමරන බවත් සංකේතාත් මක ලෙසින් සතුන් දෙතුන් දෙනෙක් පමනක් බිලි පුජාවට ලක් කරන බවයි. 

නමුත් අන්තර්ජාලයට මෙයට පෙර නිකුත් වූ වීඩියෝවක් මගින් පැහැදිලි වුයේ සතුන් විශාල සංඛ්‍යාවක් ලේ විලක් මැද කුරිරි ලෙසින් ඝාතනය කරන ලද අන්දමයි. (එම වීඩියෝව ලිපියේ අවසානයේ ඇත )

ගියවර සත්ව බිලි පුජාව කිරීමට යාමේදී එය නතර කරන ලද්දේ අමාත්‍යය මර්වින් සිල්වාය. එම අවස්ථාවේදී බිලි පුජාව පවත්වන ස්ථානයට ගොස් සතුන් බලෙන් රැගෙන ඒමෙන් එය නතර වූ අතර කෝවිල විසින් මර්වින්ට දෙස් තබා පුජාවක්ද සිදුකොට තිබුණි.


පසුගියදා මාධ්‍යයට අදහස් පල කල ප්‍රධාන පුජකතුමා පවසා සිටියේ මර්වින් සිල්වා පසුගිය කාලයේ කරදර වලට මුහුණ පෑවේ ඔවුන් කල පුජාව නිසා බවත් තවමත් ඔහුට සිදු වූ කරදර ප්‍රමාණය ස්වල්පයක් බවත් ඉදිරියේදී තවත් කරදර සිදුවන බවයි. එමන්ම මර්වින් සිල්වාගේ තර්ජන වලට බියේ මෙවර බිලි පුජාව නොනවත්වන බවයි.

බිලි පුජාවට එරෙහිව ජාතික හෙළ උරුමයද සක්‍රිය දායකත්වයක් සපයා තිබු අතර බිලි පුජාව සංඛේතාත්මකව සිදු කරන්නේනම් එය මාධ්‍යයට විවෘත කරන ලෙසත් හෙළ උරුමය මගින් දන්වා සිටියා. පසුගියදා හලාවත මුන්නේශ්වරම් කෝවිල් ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූ අතර එහි ප්‍රධානත්වය ගෙන කටයුතු කලේ මිරිස්සේ ධම්මවංශ හිමිය.

මෙම සියලු විරෝධතා මධ්‍යයේ ප්‍රධානපුජකවරයා කියා සිටියේ තමා මේ බිලි පුජාව සිදුකරන්නේ රටටත් ජනපතිවරයාටත් සෙත් පතා බැවින් මෙය නවත්වන්නේ ජනපති අණින් පමණක් බවයි. ඒ අනුව මෙයට එල්ලවූ විරෝධයත් සමග ජනපතිවරයා නිවේදනය කර සිටියේ ඉන්දියාවේ කපිලවස්තුපුර සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ මෙරටදී ප‍්‍රදර්ශනය කෙරෙන තුරු හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව සිදු නොකරන ලෙසයි.

ඒ අනුව බිලි පුජාව නැවතුන අතර බොහෝ දෙනා සටනින් ජයග්‍රහණය කළා සේ උද්දාමයට පත්වුයේ බිලි පුජාව නතරවුවායයි සිතමින්. බොහෝ දෙනා ජනපතිට ස්තුතිවන්ත වූ අතර මර්වින් සිල්වා හටත් සිය ප්‍රණාමය පුද කර සිටියා.

නමුත් ප්‍රධාන පුජකවරයා එදින නිවේදනය කලේ "මෙම බිලි පුජාව තාවකාලිකව" නතර කර බවයි. එය බොහෝ දෙනාට එදින තේරුම් ගොස් තිබුනේ නැත. ජනපති ඉල්ලා තිබුනේ ධාතු ප්‍රධර්ශනය තිබෙන්තෙක් පමණක් බිලි පුජාව නවත්වන ලෙසයි. ඒ අනුව ප්‍රධාන පුජකවරයා විසින් බිලි පුජාව නැවත පැවැත්වීම ලබන 16 වනදායින් පසුව කිරීමට තීරණය කොට ඇත.

මේවන විට සත්ව බිලි පුජාව පවත්වන දිනයේ එයට විරෝධය පා සිය දිවි නසා ගැනීමට පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සුදානම් වී සිටිනවා. උන්වහන්සේගේ අදහස් පහතින්

"මගේ එකම අධිෂ්ඨානය මේ අහිංසක සත්තු මරන්න නියමවුණු , වෙනුවෙන් ගිනිතියාගෙන මැරෙන්න.මම ඒක අධිෂ්ඨානයෙන් යුතුව බොහොම අවධාරණයෙන් කියන්නේ.සතුන්ගේ ජිවිත ටික බේරාගැනීමේ පරමාර්ථයෙන් මම මගේ මුළු ශරීරයටම පෙට්‍රල් හලාගෙන මුළු මහත් ජාතියට දැනෙන්න මම මගේ ජීවිතය පුජා කරනවා ".




මෙම සත්ව පුජාව නැවත පැවැත්වීමට යාම ගැන අදහස් විමසීම සඳහා තංගල්ලේ ධම්මවංශ හිමියන් ඇමතු අතර උන් වහන්සේ අපවෙත ප්‍රකාශ කර සිටියේ බිලි පුජාව වෙන්වෙන් සිදුකල සටන අවසන් නැති බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බිලි පුජාව වෙනුවෙන් සියලු පාර්ශවයන් එකතුකරගෙන විරෝධතාවය දක්වා එය නතර කිරීමට කටයුතු යොදන බවයි.


මේ පිළිබඳව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසුවේ. "මම දැක්කා මර්වින් සිල්වා කියලා තියනවා එළුවෝ වෙනුවට එයාව ගන්න කියලා. පූසාරියා කියලා තියනවා බූරුවෝ ගන්නේ නෑ කියලා"
 
Related Posts with Thumbnails