Ads 468x60px

.

දිනක්‍ෂි චූටි, එළු චූටි වුන හැටි මෙන්න...

දිනක්‍ෂිට එළු පැටියෙක් ගෙනැවිත් දීමේ දර්ශනයක්...

එළුපැටියා දැක දිනක්‍ෂි මරලතෝනි දීගෙන පැන දුවලා...

දැන් දිනක්‍ෂි බොහෝ දෙනා හඳුන්වන්නේ එළු චූටි කියලාලු...

චිත‍්‍රපට අධ්‍යක්‍ෂ දිනේෂ් පි‍්‍රයසාද්ගේ වැඩිමහල් දියණිය හා නැගී එන නිළි දිනක්‍ෂි පි‍්‍රයසාද් පසු ගියදා අකර තැබ්බයකට මුහුණ පෑ බව වාර්තා වේ.

ඇය මෙම අකරතැබ්බයට ලක්ව ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චංචල රේඛා ටෙලියේ රූගත කිරීම් අතරවාරයේදීය.


මෙම ටෙලියේ එක් රූගත කිරීමකදී

මෙහි ප‍්‍රධාන නළුවා ලෙස චරිත මවන ගයාන් වික‍්‍රමතිලකට දිනක්‍ෂිට එළු පැටියෙක් ගෙනැවිත්දීමේ දර්ශනයක් තිබී ඇත.අදාළ දර්ශනයේදී ගයාන් එළුපැටියා රැගෙන දිනක්‍ෂි ළගට ලන්වත්ම දිනක්‍ෂි මරලතෝනි දීගෙන පැන දිවූ බව පැවසේ.

පසුව නිෂ්පාදන කණ්ඩායම අදාල සිද්ධියට හේතුව සොයා බලා ඇති අතර ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්තේ දිනක්‍ෂි සතුන්ට බිය බැවින් මෙසේ හැසීරී ඇති බවයි.මෙ ටෙලියේ දිනක්‍ෂි රගන චරිතය අනුව පසුගිය කාලයේදී නිෂ්පාදන කණ්ඩායම අතර දන් චූටි හා දිනක්‍ෂි චූටි වූ ඇය දැන් බොහෝදෙනා හඳුන්වන්නේ එළු චූටි ලෙස බවද පැවසේ.

නදීකා ගුණසේකර, සාරංග දිසාසේකර, මේනකා මධුවන්ති, මුතු තරංගා, සරත් කොතලාවල, කාවිංග පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, නිල්මිණි කෝට්ටේගොඩ  සහ ගේ‍්‍රස් ආරියවිමල් යන අය මේ සදහා රංගනයෙන් එක වෙති.

මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත ලියා ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින්මය. කැමරාකරණයෙන් ප‍්‍රභාත් රෝෂන්ද, සංස්කරණයෙන්  ශාන් අල්විස් ද, සහය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධනද, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලකද, වේෂ නිරූපණයෙන් තාරක අධිකාරීද මේ සදහා දායකත්වය සපයන අතර නිෂ්පාදනය ආචාර්ය ජගත් විජේනායක විසිනි.
 
Related Posts with Thumbnails