Ads 468x60px

.

'කොම්පියුටර් ජිල්මාට්’ කතාව පචයක්ලු - මංගල කියයි

කිසි වැඩක් නැහැනේ අපි ජන්දේ දැම්මත් මේ අය දිනවනේ...

මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් කරන  ‘කොම්පියුටර් ජිල්මාට්’ කතාව බොරුවක් බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ප‍්‍රධානී මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කියනවා.

ඊයේ (02) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ගෙන් නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එබැව් සදහන් කරනවා.


ජනාධිපතිවරණ, මැතිවරණ ආදියෙන් පසු ඒවා කම්පියුටර් ජිල්මාර්ට් නිසා සිදුවූවා යැයි මහත් ප්‍රචාරයක් ගෙන ගිය ජවිපෙ හා එජාපයේ කණ්ඩායම් අතර ප්‍රධාන වුනේ මංගල සමරවීර මහතායි. නමුත් මංගල සමරවීර මහතා ඊයේ පැවසුවේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සම්පූර්ණ බොරුවක් බවයි.

මැතිවරණ ප්‍රතිපළ වෙනස් කිරිම පරිගණක ඔස්සේ සිදුකරන බවට

ජනතාව තුළ මතයක් පතුරුවා ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය බවත්,  එ හරහා විපක්ෂයේ ඡන්ද දායකයන්අධෛර්යමත් කිරීම එහි අපේක්ෂාව බවත්  මංගල සමරවිර මහතා එහිදී පැවසිය.


මේ "කම්පියුටර් ජිල්මාර්ට්" කියන කතාව පට්ටපල් බොරුවක්. කම්පියුටර් ජිල්මාර්ට් කතාව අපේ ජන්ද දායකයන්ගේ ඔලුවට දාන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආණ්ඩුවෙන්මයි. 


මොකද මේ කතාව ඇහුවයින් පස්සේ අපේම අය අට වෙනිදා උදේම නැඟිටලා කියනවා "කිසි වැඩක් නැහැනේ අපි ජන්දේ දැම්මත් මේ අය දින
වනේ" කියලා. ඒ තත්ත්වය ඇති කරන්න තමයි මේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව කියන්නේ. කම්පියුටර් ජිල්මාර්ට් කතාව බොරුවක් කියලා ඔප්පු කළා කොළඹ ජනතාවත් යාපනයේ ජනතාවත්

කොළඹ නගර සභා මැතිවරණයෙදිත්, යාපනයේ මැතිවරණයෙත් ‘කොම්පියුටර් ජිල්මාට්' කතා බොරු බව එහි ජනතාව  ඔප්පු කළ බව සදහන් කල සමරවීර මහතා, අධෛර්ය නොවී ගිහින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නැයිද ඉල්ලීමක් කළේය.
 
Related Posts with Thumbnails