Ads 468x60px

.

මගේ උපන්දින සාදයට වියදම් කලේ මම මයි - මේනකා

එහෙම කතාවක් තියනවද? 

මම අහලාවත් නැහැ...

මම 21 වැනි උපන්දිනය උත්සවාකාරයෙන් ගන්න හිතුවේ මට ලැබුණු ජයග්‍රහණය සමරන්නත් එක්කමයි.

මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.

එතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා සමඟ ත්‍රිවිල් එකකින් එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන තිබෙන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණා. මෙම සබඳතා පිළිබඳව පසුගියදා ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.



කලා ජීවිතයේ ඉදිරියට යන්න දේශපාලන සබඳතා කොයි තරම් වටිනවද?
කලාවෙන් ඉදිරියට යන්න දේශපාලන සබඳතා අවශ්‍ය නැහැනේ.

ඔබට දේශපාලන සබඳතා තියනවද?
නැහැ.

එහෙනම් ප්‍රසිද්ධ නගරාධිපතිවරයෙක් සහ ජනප්‍රිය ඇමතිවරයෙක් සමඟ ඔබේ සමීප ඇසුරක් තියනවා කියන්නේ?
ඒක බොරු කතාවක්.

ප්‍රසිද්ධ නගරාධිපතිවරයා ඔහුගේ වියදමින් ඔබට ඩාන්සින් ස්ටාර් තරඟයට ඇඳුම් නිර්මාණය කරලා දුන්නා කියන්නේ බොරුවක්ද?
එහෙම කතාවක් තියනවද? මම අහලාවත් නැහැ. මම දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් සහ මව්පියන්ගේ මුදල් හැරුණුවිට කිසිම කෙනෙක් ඒ තරඟයේදී මට මුදල් වියදම් කරලා නැහැ.

එතකොට ජනප්‍රිය ඇමතිවරයෙක් ඔබේ 21 වැනි උපන්දින සාදයට වියදම් කලා කියන කතාව?
මම 21 වැනි උපන්දිනය උත්සවාකාරයෙන් ගන්න හිතුවේ මට ලැබුණු ජයග්‍රහණය සමරන්නත් එක්කමයි. ඒ නිසා කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ට වගේම මම තරඟයේ විනිශ්චය මණ්ඩලයටත් ආරාධනා කළා. උපන්දින සාදයට වියදම් කලේ මම.

මේනකා පීරිස්ගේ ජායාරූප කිහිපයක්.




















 
Related Posts with Thumbnails