Ads 468x60px

.

කේට් කුමරිය ප‍්‍රංශයෙන් නිරුවත් කල හැටි මෙන්න.

ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි...

එම ඡායාරූප සම්බන්ධයෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය කම්පනයට සහ කෝපයට පත් වෙලා...

බි‍්‍රතාන්‍යයේ  කේම්බි‍්‍රජ් ආදිපාද විලියම් කුමරුගේ ආර්‍යාව වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් ඊයේ දිනයේ ප‍්‍රකාශයට පත්කර තිබේ. 

එම ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි. එතරම් පැහැදිලි ඒවා නොවන එම ඡායාරූප දුර සිට ලබාගෙන ඇත. කෙසේවෙතත් ඡයාරූපවල සිටින්නේ කේට් කුමරියම බව හඳුනා ගැනීමට තරම් ඒවා පැහැදිලි බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. 

එම ඡායාරූප සම්බන්ධයෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය
කම්පනයට සහ කෝපයට පත්ව ඇතැයිද ඡායාරූප ශිල්පියාට සහ ඒවා පළකළ සඟරාවට නඩු පැවරිය හැකිදැයි නීතීඥවරුන් කරුණු සොයා බලන බවද බි බි සී ලෝක සේවය පවසනවා.  

මේ අතර කේට් මිඩ්ල්ටන් ගේ උඩුකය නිරුවත් ඡායාරූප පළකළ ප‍්‍රංශ සඟරාවට එරෙහිව නඩුමගට බැසීමට කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ක්ලෝසර් නම් මෙම සඟරාව විසින් පල කර ඇති ඡායාරූප කේට් හා විලියම් කුමරු පසුගියදා ප‍්‍රංශයේ දී ගත කළ පෞද්ගලික නිවාඩුවක් අතරතුරේදී ගත් ඒවා බව පවසනවා.මොවුන් දෙදෙනාගේ මෙම ඡායාරූප පිටු හතරක් පුරාවට පල කර ඇති බව බීබීසී ය වාර්තා කරනවා.

සිය පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමට එරෙහිව ක්ලෝසර් සඟරාවට එරෙහිව ප‍්‍රංශයේ නඩු පැවරීමට රාජකීය යුවළ සැරසෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.කෙසේ වෙතත්, ක්ලෝසර් සඟරාවේ කර්තෘවරිය මාධ්‍ය වෙත පවසා තිබුනේ මේ ආකාරයෙන් කම්පා වීමට කිසිවක් එම ඡුායාරූප වල නොමැති බවයි.

ලොවපුරා වෙරළතීර වල උඩුකය නිරුවතින් හිරුරැස් තපින කාන්තාවන් මිලියන ගණනක් මෙන් උඩුකය නිරුවතින් හිරුරැස් තපින තරුණ කාන්තාවක් මෙහි දැක්වෙන බව ඇය කියා සිටියි.

මෙම ඡායාරූප සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන බි‍්‍රතාන්‍ය රජ පවුලේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප‍්‍රංශ සඟරාව විසින් විලියම් හා කේට් ගේ පෞද්ගලිකත්වය ඉතා අශෝබන හා අසාධාරණ ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

මෙම සිද්ධියෙන් ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවත්, එය විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය හා පැපරාසී වාර්තාකරුවන් අතර ඛේදනීය අතීතයද සිහිකරවන්නක් බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.

මේ වන විට විලියම් හා කේට්, දෙවැනි එලිසබෙත් මහරැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් අග්නිදිග ආසියාවේ හා දකුණු ශාන්තිකර කලාපයේ සංචාරයක නිරත වී සිටියි.ප‍්‍රංශයේ ක්ලෝසර් සඟරාවේ පරිපාල
ය සිදුකරනුයේ ඉතාලි සමාගමක් විසිනි.

මෙම ඡායාරූප පසුගිය සතියේදී බි‍්‍රතාන්‍යයේ පුවත්පත් වලට ද ලබාදී තිබූ නමුත්, ඒවා පළ කිරීමට සියලූ බි‍්‍රතාන්‍ය පුවත්පත් ප‍්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.


මේ අතර විලියම් කුමරුගේ මලනුවන් වන හැරී කුමරුගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය මඟින් මීට පෙරද ප‍්‍රසිද්ධ කෙරුණා. ඒ නිසාද ලොවපුරා ඇති වුයේ දැඩි කතාබහක්. 







 
Related Posts with Thumbnails