Ads 468x60px

.

නබිනායකතුමන්ට අවමන් කරමින් නිපදවා ඇති චිත්‍රපටයට එරෙහිව මුස්ලිම් ලෝකය ගිණියම් වේ...

ජර්මන් තානාපති කාර්යාලයේ කුඩු පට්ටම්...

චිත්‍රපටයට එරෙහි මහජන උද්ඝෝෂණ ඇවිල යමින්...

නබිනායකතුමන්ට අවමන් කරමින් නිපදවා ඇති ඇමෙරිකානු චිත්‍රපටයට එරෙහිව ලොව පුරා රටවල් කිහිපයකම විරෝධතා ව්‍යාපාර දියත්වෙමින් තිබේ.ටියුනීසායාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. එහිදී ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 29 දෙනෙක් තුවාල වී ඇත.



සුඩානයේ කාටුම් අගනුවර පිහිටි ජර්මන් සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවලට පහර දී ඇති අතර ජර්මන් තානාපති කාර්යාලයේ කුඩු පට්ටම් කර ඇති මුස්ලිම් විරෝධතාකරුවන් ඊට වෙඩිද තබා තිබේ. පසුව තානාපති කාර්යාලයේ ජර්මන් කොඩිය ඉරා දමා ප්‍රහාරකයන් එහි ඉස්ලාමීය බැනරයක් සවිකර තිබිණ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරත් ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වී තිබේ. පොලිසිය ඇමෙරිකානු තානාපති කාර්යාලය කරා ගමන් ගැනීමට උත්සාහ ගත් විරෝධතාවාදීන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට ඔවුන් යලිත් තරිර් චතුරශ්‍රයට පසු බැස්වූ බව කයිරෝ නගරයෙන් ලැබෙන වාර්තා පවසයි.

යේමනය, ලිබියාව, ගාසා තීරය, ඇෆ්ඝනිස්තානය, ඉරාකය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල මෙන්ම කාශ්මීර් ප්‍රාන්තයේත් ඉහත කී චිත්‍රපටයට එරෙහි මහජන උද්ඝෝෂණ ඇවිල යමින් ඇත.








මුස්ලිම් ලෝකය කුපිත කල වීඩියෝව - නබිතුමා කාමාතුරයෙක්ලු...
 
Related Posts with Thumbnails