Ads 468x60px

.

ඔව්වා හොයනවට වඩා වැඩ රාජකාරි මට තියෙනවා – මර්වින්

මේ රටේ පොලීසියක් නීතියක් කියල එකක් තියෙනවා...පුතා ගැහුවා නම් පොලීසිය බලාගනී...

තම පුත් මාලක කාට හෝ පහර දීමක් සිදු කර ඇතිනම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මේ රටේ පොලීසියක් සහ රට තුල ක‍්‍රියාත්මක වන නීතියක් තිබෙන බවත් මේවා සොයනවට වඩා වැඩ රාජකාරි තමන්ට ඇති බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා හමුදා පහරදීම සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.පුතා පහර දුන් බවට යන ප‍්‍රචාරයත්, පහරදීම සම්බන්ධව තමන්ට සෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.

මේවා ගැන සොයනවාට වඩා
අමාත්‍යවරයෙක් ලෙස තමන්ට විශාල වැඩ රාජකාරී ප‍්‍රමාණයක් ඇති බවත් පවසන අමාත්‍යවරයා එලෙස පහරදීමක් සිදු කර ඇත්තේ නම් පොලීසිය ඒ ගැන කටයුතු කරනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටිනවා.
 
Related Posts with Thumbnails