Ads 468x60px

.

දකුණු ලකට ආදිවාසි ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ පැමිණි ප්‍රථම අවස්‌ථාව...

ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණේ සංචාරයක... 

ඔවුන් සහභාගි වූ 8 වන ක්‍රිකට්‌ තරගය...

දකුණු ලකට ආදිවාසි ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ පැමිණි ප්‍රථම අවස්‌ථාව බවට පත්වෙමින් ආරාධිත ආදිවාසි ක්‍රිකට්‌ කණ්‌ඩායම හා අහුංගල්ල සංචාරකයින් ප්‍රවාහනය කරන්නන්ගේ කණ්‌ඩායම අතර පෙරේදා (8 වැනිදා) දින අහුංගල්ල ගා/රාජපක්‍ෂ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැති ක්‍රිකට්‌ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

අහුංගල්ල සංචාරකයන් ප්‍රවාහනය කරන්නන්ගේ

සංගමයට වසර පහක්‌ සම්පූර්ණ වීම සමරමින් හැරිටන් හොටෙල් අනුබද්ධ එම සංගමය මගින් මෙය සංවිධානය කර තිබුනා.

එම සංගමයේ සභාපති ලාල් අමරසිංහ මහතා, ඇල්පිටිය දිසා භාර පොලිස්‌ අධිකාරි විදානපතිරණ මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් ඇරැඹි ක්‍රිකට්‌ තරගය දැක බලා ගැනීමට සෙනසුරාදා දින 5000 කට අධික ප්‍රේක්‍ෂක පිරිසක්‌ එක්‌ව සිටිනු දැකගත හැකි වුනා
.

ආදිවාසී ක්‍රිකට්‌ කණ්‌ඩායම රට වටා යන ගමනේ ඔවුන් සහභාගි වූ 8 වන ක්‍රිකට්‌ තරගය මෙය වුනා
.
 
Related Posts with Thumbnails