Ads 468x60px

.

මේජර්ගේ ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලකගේ රියෑදුරා පොලිසියට භාරදෙයි...

මේජර්වරයා වට කොට පහර දෙන අයුරු ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන් වෙලා...

තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා තවමත් හදිසි අනතුරු අංශයේ...

මෙතෙක්‌ මාලක සිල්වා සහ අනෙක්‌ පිරිස අත්අඩංගුවට ගෙන නෑ...

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිස කොළඹ ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට සහ ඔහුගේ සහායක නිලධාරියාට පහර දී පැහැරගෙන ගිය ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලක සිල්වා ඇතුළු පිරිස පැමිණි රථයේ රියෑදුරා විසින් ඊයේ 10 දා දහවල් කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙනැවිත් භාර දී තිබුනා.

දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ මෙම ගිනි අවිය සහ ජංගම දුරකථනය

තමන් රැගෙන ගිය බව එම රියෑදුරා ඒවා භාර දෙමින් පොලිසියට ප්‍රකාශ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

එහෙත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙන බව එහි අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.

පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබති.

මෙතෙක්‌ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වා සහ අනෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිව පවතින අතර කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
Related Posts with Thumbnails