Ads 468x60px

.

එස් බී දිසානායක හොරුත් සමග හෙළුවෙන්..

එස් බී දිසානායක ශාස්ත්‍රීය ලෝකයේ සක්විති  හෙවත්  ඩී එස් රණවක සමග අලුත් කූට ව්‍යාපාරයකට අත ගසා ඇතැයි වාර්තා වේ.

මහාචාර්ය ඩී එස් රණවක නමින් හැඳින්වෙන පුද්ගලයා පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි. 

මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය  කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින්  විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.  

කලකට ඉහතදී
රාවය පුවත්පත ඇතුළු මාධ්‍ය විසින් කරන ලද විමර්ශනයකදී මහාචාර්ය ඩී එස් රණවක නමින් පෙනී සිටින පුද්ගලයා සහ  ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය  පිලිබඳ වැදගත් තොරතුරු හෙළි කළේය. 

නමුත් මේ තොරතුරු නොයෙකුත් ක්‍රම සහ විධි හරහා විශාල වශයෙන්  ප්‍රධාන මාධ්‍ය ධාරාවට  යාමට නොදී එහි අධ්‍යක්ෂවරයා විසින්  නවතා ගනු ලැබීය. වරින් වර ලංකාවේ බලවත් පුද්ගලයන් මිලට ගන්නා මේ ආයතනයේ අළුත්ම චරිතය උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක බව වාර්තා වේ. 

 මාධ්‍යවේදීන් පිරිසක්  විසින් කල විමර්ශනයකදී හෙළි වූ කරුණු අනුව ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව පුණ්‍යයතනයක් ලෙස  ලියාපදිංචි කරන ලද ආයතනයකි. එහි අධ්‍යක්ෂකවරයා වන ඩී එස් රණවක තමන්ට  FICP සහ MICP යන මනෝ චිකිත්සක උපාධි ඇති බවට රටට හෙළි කර තිබුනද මේ උපාධි ඔහු විසින් වංචනිකව තම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය මගින්ම තමන්ටම පිරිනම්මවා ගෙන තිබෙන උපාධි වේ. 

එසේම මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය හෝ ශාස්ත්‍රපති උපාධියක් කිසිම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඔහු ලබාගෙන නැත. රණවක මහතා කලා විෂය ධාරාවෙන් BA සහ MA උපාධිධාරියෙක් වන අතර  වර්ෂ 2002 දී   අධ්‍යාපන මනෝ විද්‍යා පිඨයේ සහාය මහාචාර්ය පදවියකට (Associate Professor )පත්විය. සහාය මහාචාර්යවරුන් විශ්‍රාම ගිය පසු මහාචාර්ය යන පදවිනාමය භාවිතා කළ නොහැකි අතර එය වෘත්තිය ආචාර ධර්මවලට මුළුමනින්ම පටහැනිය. 

කෙසේවෙතත් රණවක මහතා තම ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙනුත්, තම පාරිභෝගික ජනතාව සහ සිසුන් මුලා කිරිම සඳහාත් තමන්ව හඳුන්වා ගැනීම සඳහා මහාචාර්ය  නාමය යොදාගනිමින්  සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසිය. 

පිළිගත්  විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය   උපාධියක්වත් නැති   ඩී. එස්. රණවක මහතා විසින් මනෝ උපදේශකයන් පුහුණු කරන අතර මුදල් ගෙවා ඕනෑම අයෙකුට මනෝ විද්‍යාව පිළබඳ   MICP සහතික ලබා ගත හැකිය. මේ සහතික දරන්නන් බොහොමයක් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ආදී ආයතනවල මෙන්ම පුද්ගලික සායන ආරම්භ කොට මනෝ උපදේශකයන් වශයෙන් සේවය කරති. 

කිසිම දැනුමක් සහ වෘත්තිය පුහුණුවක් නැති මේ  පුද්ගලයන් ජනතාවගේ මානසික  සෞඛ්‍යය සමග සෙල්ලම් කිරීම බරපතල ගැටලුවක් බව අංගොඩ මානසික රෝහලේ ජේෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකු පවසයි. වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි. 

මෙය රජයේ මනෝ සෞඛ්‍ය පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි බරපතල උල්ලංඝනය කිරීමක් වුවත් ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්ත පවත්වාගෙන යයි.  

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටියත් මාසිකව විශාල මුදලක් උපයන ආයතනයකි. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල ප්‍රධානීන්ට නොමිලේ උපාධි පිරිනමා හෝ මුල්‍යමය තෑගි දී ඔවුන් මගින් ආයතන සේවකයන්ට රාජ්‍ය මුදල් වලින්  පුහුණුව ලබා දෙයි. 

මේ සියලු මුදල්   අධ්‍යක්ෂකවරයාගේ   සාක්කුවට බැර වන  මේ මුදල් සඳහා කිසිම් අදායම් බදු මුදල් නොගෙවයි. මේ ආයතනය ලියාපදිංචි කරන ලද්දේ ද අල්ලස් පිරිනැමීමෙන් බව   විමර්ශනදී හෙළිවී තිබුණි.  තම ව්‍යාපාරික කටයුතුවලට නීත්‍යානුකුල මුහුණුවරක් ලබාදීම සඳහා ඩී. එස්. රණවක මහතා තම ශ්‍රී ලංකා වෘත්තිය මනෝ විද්‍යා උපදේශක ජාතික ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්ගේ සහය ඇතුව, එකී දෙපාර්තමේන්තුවේ, ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරනු ලබන අතර එහි ලේකම් වීජී ජෙගරාජසිංහම් මහත්මියට නොමිලයේම MICP උපාධිය පිරිනමනු ලබයි. 

එසේම යුද හමුදාවේ  සොල්දාදුවන්ට පර පීඩක සමලිංගික හිරිහැර කරන බවට චෝදනා ලබා සිටි ජෙනරාල් ටී ටී ආර් සිල්වාටද MICPනමැති බොරු   ශාස්ත්‍රපති උපාධිය පිරිනමා ඔහු හරහා හමුදාවේ නිලධාරීන්ට උපදේශන පුහුණුව ආරම්භ  කරන ලදී. ජෙනරාල් ටී ටී ආර් සිල්වා යනු අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් අධ්‍යාපනයක් ඇති නිලධාරියෙකි. මොහු වර්තමාන  ත්‍රිකුණාමල දිසාපති ලෙස සේවය කරයි. 

ජෙනරාල් TTR ද සිල්වා හමුදාවේ Director Psy Ops සිටියදී හමුදා නිලධාරීන්ට උපදේශනය පුහුණුව ලබා දීමට උපදේශනය සඳහා ව්‍යාජ සුදුසුකම් ඇති D S රණවක නමැති පුද්ගලයා නිර්දේශ කොට යුද හමුදාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිරීම පිළිබඳව  පුවත්පත්  විසින් හෙළි කරනු ලැබීමෙන් පසුව එවකට යුද හමුදාපති ව සිටි  ශාන්ත කෝට්ටේගොඩ මහතා විසින් අදාල පුහුණු කිරීම් නවතා දමා  පරීක්ෂණයක් පැවැත්වීමට නියම කලද  කෙසේ හෝ මෙම  පරීක්ෂණය යට ගැසීමට  මේ දේපොළ සමත් විය.  

ඩී. එස්. රණවක තමන්ගේ  අයථා ක්‍රියාවලිය වසන් කරගනු සඳහා පොලිසියේ, හමුදාවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පමණක් නොව මාධ්‍යවේදීන්ට පවා මෙම උපාධිය පිරිනමා ඇත. බොහොමයක් පොලිස් නිලධාරීන්ට මෙම MICP උපාධිය පිරිනමා ඇති අතර ඔවුහු නීතියේ රැහැනින් ඔහුව ආරක්ෂා කරති. ඔහුගේ අළුත්ම මිලදී ගැනීම උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක වන අතර එස්. බී ට කවර උපාධියක් දුන්නේද යන්න තවමත් හෙළි වී නැත. 

ඩී එස් රණවකගේ ප්‍රයෝගයන් සහ ඔහුගේ ව්‍යාජ සුදුසුකම් හෙළිවී තිබීම නිසා    ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය විසින් පිරිනමන උපාධි සහතික වල කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති  බවත් මේ නිසා මුදල් අතින් ගෙවා මෙම වංචනිකයාට අසු නොවන ලෙසටත් ශ්‍රී ලංකා මනෝ විද්‍යා ආයතනයේ (Sri Lanka Psychology Association  ) විධායක නිලධාරිනියක්  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

 (චායාරූපය : එස් බී දිසානායක සහ ව්‍යාජ මනෝවිද්‍යාඥ ඩී .එස් රණවක )

 - සමන්ත කෝනාර
           
 
Related Posts with Thumbnails