Ads 468x60px

.

මොකද්ද මේ මර්වින්ගේ අමුතු වෙස් පෙරළිය...

නිමේෂා දියණියට කෘතිම අතක්...

අසරණ පවුලකට ඉඩමක් හා නිවසක්..

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් සාමාර්ථයක් හිමිකරගත් රශ්මි නිමේෂා ගුණවර්ධන දියණියට මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් කෘතිම අතක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

තමාගේ  විශේෂ ඉල්ලීම මත 'ටච් කමියුනිටි' (Touch Community) නම් ආයතනයක් මේ සඳහා ඉදිරිපත් වූ බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා.


දැරණියගල දෙල්ඔළුව විදුහලේ රශ්මි නිමේෂා ගුණවර්ධන දියණිය සිය පියා වන ඩී.ජී.එල්.එස්. ගුණවර්ධන මහතා සහ ඇගේ මව ද සමඟ මේ අවස්ථාවට පැමිණ තිබෙනවා. ඔවුන් දෙදෙනාම ගුරුවරු වෙනවා.

මේ අතර, සුසාන භූමියක දිවිගෙවූ අසරණ පවුලකට කැලණිය ආසනයෙන් ඉඩමක් ලබාදී නිවසක් තනා දීමට ද  අමාත්‍ය මර්වින් සිල්වා මහතා පියවර ගෙන තිබෙනවා.මෙම දරුපවුලේ පියා මුරුගේසු ක්‍රිෂ්ණ බාලු නම් දමිළ ජාතිකයෙකු වන අතර මව සිංහල ජාතික ස්වර්ණලතා නමැත්තියකි. මධුසංඛ (03), මධු මාලන් (02) සහ ලහිරු (01) නමින් කුඩා දරුවන් තිදෙනෙක් ඔවුන්ට සිටියි.

ජා ඇල, කණුවන කතෝලික සුසාන භූමියේ ජීවත්වන දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක් පිළිබඳ පුවතක් පුවත්පතින් දුටු තමා  අදාළ ස්ථානයට ගොස් දරු පවුල හමුවී ඔවුන් ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ඔහු සදහන් කළා.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි සතුටු උයන පරිශ්‍රයේ දී අද දිනයේ පැවැත්වෙන ලෝක ළමාදිනය දකුණු ආසියා‍වේ ළමුන්ගේ වැඩිම සහභාගීත්වයකින් සිදුකිරීමට පියවර ගෙන ඇත්තේද මර්වින් සිල්වාය.

එහෙත් අමාත්‍ය මර්වින් සිල්වා ජනතාව අතර ප්‍රකටව ඇත්තේ එතරම් හොඳ චරිතයකින් නොවේ. නමුත් මර්වින් සිල්වා විසින් ඉඳහිට හෝ සමාජ සේවයද සිදුකරනු ලබන බව පසුගියදා මාධ්‍යය වාර්තාකොට තිබුනා.

මර්වින්ගේ දුෂණ වංචා අප විසින් කොතෙකුත් හෙළිදරව් කර ඇතත් අද දිනයේ මේ ලිපිය වෙන් වුයේ
මර්වින් සිල්වා විසින් පසුගිය කාලයේ සිදුකල සමාජ සත්කාර කිහිපයක් පිළිබඳවයි.

 
Related Posts with Thumbnails