Ads 468x60px

.

ගෑණු ළමයි ඉන්නවා කියල නිදාගන්න යන්නේ නෑනේ. අනික මම නපුංසකයෙක් නෙමේනේ - මාලක

ගැහැණු ළමයි මගේ යාළුවො අතර ඉන්නවා. ගැහැණු ළමයි ආශ්‍රය කරන එකේ වැරද්දක් තියනවද.? 

මා දිහා බැලුවාම කුඩු ගහනවා, මත්ද්‍රව්‍ය පාවිච්චිකරනවා කියලා පෙන්නේ නැහැනේ.

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා අත්අඩංගුවට ගැනුන අතර පසුව ගුටි කෑ මේජර්වරයා විසින්ම තමාට මාලක පහරදුන්නේ නැති බැව් දිව්රුම් පෙත්සමක් මගින් ප්‍රකාශ කල හේතුවෙන් නඩුව සමථයකට පත්වූවා.

මාලක සිල්වා එම නඩුවෙන් පසුව පළමු වරට පවත්වන ලද මාධ්‍යය සාකච්චාව පහතින්
.


කොහොමද මාලක ?
හොදින් ඉන්නවා හිටපු විදියටම. ප්‍රශ්නයක් නැහැ. 


ඔබ කුමක් හෝ වෘත්තියක දීලා ඉන්නවද..?
ඔව්,මම මගේ තාත්තා, ඇමති මර්වින් සිවා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාරවල යෙදිලා ඉන්නවා.වාහන බිස්නස් වගේ දේවල්. 


ඔබ ඉගෙනුම ලැබුවේ කොහේද?
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනගත්තා. ඉන්පසු ඇමෙරිකාවේදී "ග්‍රැෆික් ඩිසයින්" පිලිබඳ උපාධිය සමත් වුනා.


ඔබ චන්ඩියෙක් නේද?මොකද මේ හැම වෙලේම ලෙඩ දාගන්නේ?
මම හිතල සැලසුම් කරන දේවල් නෙවෙයි. මගේ ඇඟට එන ඒවා. බේරිලා ඉන්න, අවුලකට මුලික නොවෙන්න පුළුවන් තරම් උත්සහ කරනවා. ඉවසීමේත් සීමාවක් තියනවා නේ. ඒක ඉතින් මට නොවෙයි. 


ඕනෑම තරුණයෙකුටම ඉවසීමේ සීමාවක් තියනවා නේ. මටත් එහෙමයි. මා රහත් වෙච්ච කෙනෙක් නෙවයි. දෙවි කෙනෙකුත් නෙවෙයි. මම මගේ පාඩුවේ ඉන්නේ. හැම වෙලාවේම උතසාහ කරන්නේ පුළුවන් තරම් පාඩුවේ ඉන්න. 



නමුත් අහන දේවල් වලින් ඔබ පාඩුවේ ඉන්න පාටක් නැහැනේ ?
මේකනේ. මම මර්වින් සිල්වා ඇමතිවරයාගේ පුතා. අපේ මාධ්‍යවලට මම ලගින් ගියත් ඇති. කොහේ හරි යන සිද්ධියක් ලගින් ගියත් ඇති. මර්වින් ගේ පුතා මාලක එකට සම්බන්ධයි. හොදම උදාහරණය තමයි , මේ මෑතක මාධ්‍යවලින් මහා ලොකු කරලා පෙන්නපු සිද්ධිය. ඔය සද්ධිය වෙන අවස්ථාවේ මම හිටියේ මගේ වාහනය ඇතුලේ. ඒක වීඩියෝ එක බැලුවත් පේනවා. මම එතන හිටියේ නැහැ. මම කලින් කිව්වා දේ තමයි සිදු වුනේ. 


මර්වින් සිල්වා ඇමති වරයාගේ පුතා තමයි ගැහුවේ කියල මාධයෙන් හැමදාම කිව්වා. එකම සිදුවීම මම ඒ ආසන්නයේ හිටපු එක. ඔතන මම නොහිටියා නම් , ඕක ඔතනින්ම ඉවරයි. මාලක ඒ අසල හිටියා කියන එක මාලක ගැහුවා කියල ප්‍රචාරය කළා. සත්‍ය සිදුවීම මට ඒ මහත්තය කිව්වා. මාලක ගැහුවේ නැහැ කියල. මාව රිමාන්ඩ් කෙරෙව්වේ මාධයෙන්. මාව වැරදිකාරය කෙරෙව්වේ මාධයෙන්. 


ඔබ කියන්නේ ඔබ වැරද්දක් කලේ නැහැ කියලද?
ඔව්, මම වැරද්දක් කලේ නැහැ. 



ඔබේ පියා, ඇමති වශයෙන් ඔහුට හිමි ආරක්ෂාව ඔබටත් දීලා තියනවද?
එක සම්පුර්ණයෙන්ම වැරදි කතාවක්. මට තාත්තගේ ආරක්ෂකයෝ නැහැ. 


එහෙම නම්, ඔබ එක්ක මහා පිරිවරක් ඉන්නේ?
ඉන්නවා. මගේ හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවා. ඔවුන් මාත් එක්ක ඉන්නවා.


ඔබ යන එන තැන්වල තරුණයෝ 25 ක් 30 ක් යනවලු.
ඔව්, මගේ යාළුවො සෙට් එක මාත් එක්ක ඉන්නවා. සමහර තැන්වලට ඒ අයත් යනවා.


මේ කොයි වගේ අයද?
වර්ගයක් නැහැ, බේදයක් නැහැ. අන්තිම දුප්පත් කොල්ලගේ ඉඳල සල්ලි බාගේ තියෙන කොල්ල දක්වා මට පිරිසක් ඉන්නවා. තරාතිරමට කිසිම කෙනෙක් වෙන් කරලා නැහැ. මට හැමෝම එකවගෙයි. 


ඔවුන් ඔබ පස්සෙන් එන්නේ ඇයි?
මට ආදරෙයි. මමත් හෙමයි. 


ඔය තරම් තරුණ පිරිසක් වටකරන් ඉන්නේ ඇයි?
මම දේශපාලනයට එන්න සැලසුම් කරලා තියෙන කෙනෙක්. මගේ ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න මට හැම තරාතිරමකම අය ආශ්‍රය කරන්න වෙනවා. දුප්පත් ජනතාවගේ ජන්දය ඕනෑ.දැන් දේශපාලනය කරන්න සල්ලි ඕනෑ. 


සල්ලි නැතිව දේශපාලනය කරන්න බැහැ. ඒ නිසා සල්ලිකාර මිත්‍රයොත් ඕන. මම මේ සියලු තරාතිරම්වල පුද්ගලයෝ ආශ්‍රය කරනවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයල දෙනවා. ඔවුන් මාත් එක්ක ඉන්නවා. මේ අය චන්ඩි නෙවෙයි. පාතාලකාරයෝ නෙවෙයි. 

අපේ ජන්දදායකොයෝ, ජන්ද දායකයෝ මාත් එක්ක ඉන්නවා නම්, මට ඔවුන් මග හරින්න බැහැ. එහෙම මග හරින්න ඕනෑකමකුත් නැහැ. මම මගේ මිතුරන් එක්ක ඉන්න කැමතියි. මගේ මිතුරන් ආශ්‍රය කරන්න කැමතියි. මගේ දේශපාලන ගමනට මේ අය අවශ්‍යයි. ජනතාව නැතිව දේශපාලනඥයකුට ගමනක් නැහැ. 


ජනතාව අමතක කරලා ගමනකුත් නැහැ. ඔවුන් මාත් එක්ක ඉන්නවා.එපමණයි. අපි වැරදි වැඩ කරන්නේ නැහැ. මිනී මරන්න, මංකොල්ල කන්න යන්නේ නැහැ. ජන මාධ්‍ය මොන විදියට මාව මනිනවද කියල මට හිතාගන්නවත් බැහැ. හරිම පුදුමයි, ඇයි මෙහෙම කරන්නේ කියලා.මාධ්‍ය වලට මම ඉන්ටවිව් නොදෙන්නෙත් එක නිසයි. 


ඔබ ක්ලබ්වලට යන , මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, බොහොම තරුණියෝ ආශ්‍රය කරන කෙනෙක් කියල මතයක් ගොඩනැගිලා තියනවා. ඔබ ජීවත්වන්නේ ඇමෙරිකන්කාරයෙක් වගේලු.මේ කතා ගැන මොකද කියන්නේ?
ක්ලබ් මේ රටට විතරක් සීමා වූ දෙයක් නොවෙයි. හැම රටකම තියනවා. අරාබි රටවල් වල තමයි නැත්තේ. ඉස්සර මිනිසුන්ට ක්ලබ් තිබුනේ නැහැ. අද සමාජය දියුණුයි. එදා කොස් දෙල් විතරක් කෑවට අද තරුණයෝ කේ.එෆ් .සී. යනවා. මැක්ඩොනල්ඩ් යනවා. ඒවා කාලෙත් එක්ක සිදුවන දේවල්. තරුණ පරපුර ඒවාට කැමතියි. මමත් ක්ලබ් යනවා එක ඇත්ත. 


ඒ කියන්නේ ඔබ හැමදාම ක්ලබ් යනවා.
නැහැ ඉස්සර නම් නිතර ගියා. දැන් මාසෙකට වරක් වගේ යනවා. දවල් කාලේ මහන්සි වෙලා වෙනසක් ඕන වුනාම , ඉඳල හිටලා ක්ලබ් එකට යනවා. ඔබ මගෙන් තව ප්‍රශ්නයක් ඇහුව. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? කියලා. මම බොන්නේ රෙඩ් වයින් විතරයි. වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. 


මා කුඩු පාවිච්චි කරනවා කිව්වේ මාධ්‍ය. වරක් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් වෙන කවුදෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගේ නම සම්බන්ධ කරලා තිබුනා. එකට කොහොම මගේ නම සම්බන්ධ කලාද? කියලා මමවත් දන්නේ නැහැ. මම කුඩු ගහනවානම්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, එක මා දිහා බැලුවාම පේනවනේ. සමාජයේ කුඩු ගහන , මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සු ඕනෑ තරම් දැකල ඇති නේ. 


මා දිහා බැලුවාම කුඩු ගහනවා, මත්ද්‍රව්‍ය පාවිච්චිකරනවා කියලා පෙන්නේ නැහැනේ. මම දේශපාලනයට එන්න බලාගෙන ඉන්න කෙනෙක්. කුඩු ගහල මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මට අනාගතය හදා ගන්න බැරි බව ඕනෑම කෙනෙක් දන්නවා. 


ඔබට ඉන්න යාළුවො අතර කාන්තා පාර්ශවයත් ඉන්නවාද?
අපොයි ඔව්, ගැහැණු ළමයි මගේ යාළුවො අතර ඉන්නවා. එහෙම ඉන්නවා කියල නිදාගන්න යන්නේ නැහැ. ගැහැණු ළමයි ආශ්‍රය කරන එකේ වැරද්දක් තියනවද.? මම නපුංසකයෙක් නෙවෙයි නේ. 


ඔබේ වයසේ තව ඇමති පුත්තු ඉන්නවා. ඔවුන් ඔබ වගේ නැහැනේ. ඔය විදිහට ක්ලබ් යනවද?
මම කිව්වා නේ. දැන් හැමදාම ක්ලබ් යන්නේ නැහැ. ඔබ කියන ඇමති පුත්තු ගැන ක්ලබ් වලට ගිහිල්ල බලන්නකෝ. ඉන්න අපුරුව. ප්‍රශ්නය තියෙන්නේ මාධ්‍යයට ඔවුන් පෙන්නේ නැති එකයි. ඇමති පුත්තු ඕනෑ තරම් ක්ලබ් යනවා. අතේ ඇඟිලි එක වගේ නැහැනේ. 


එක එක අය සමාජයේ වෙනස්. ගමේ තරුණයෝ ක්ලබ් යන්නේ නැහැනේ. නගරයේ යට, එක සාමාන්‍ය දෙයක්. ඇමති පුත්තු ක්ලබ් යනවා කියන එක මහා විශේෂ දෙයක් නෙවෙයි.ක්ලබ් විවෘත වෙලා තියෙන්නේ ඇමති පුත්තුන්ටම නෙවෙයි. වෙනත් සාමාන්‍ය මිනිස්සුත් යනවා. එකම දේ මාලක, මර්වින් ඇමතිවරයාගේ පුතා වීම පමණයි. 


ඔබේ ඔය චරිතය ඉදිරි ගමනට බාධාවක් නොවෙයිද ?
මේකනේ. මොකක්දෝ කරුමයකට මාධ්‍යට පෙන්නේ එක පැත්තයි. මගේ චරිතයේ හොඳ පැත්තේ පෙන්නේ නැහැ. මාධ්‍ය හොයන්නෙත් නැහැ. මම ගැහුවා කියාවි, රෝහලට ගියා කියාවි. මට ගැහුවොත් , බේරෙන්නේ මම ඒ පුද්ගලයාව තල්ලු කරනවා. 


ඔහු වැටිලා ඔලුව පැලෙනවා එක මාධ්‍ය යන්නේ 'මාලක අහිංසක මිනිසෙකුට ගහලා ඔලුව පැලුවා' ලියලයි. ඒ පුද්ගලයා මට ගහපු එක ගැන යන්නේ නැහැ. මොනවා මා ගැන කිව්වත්, මම මිනිස්සුන්ට උදව් කරනවා. මගෙන් උදව්වක් ඉල්ලගෙන කෙනෙක් ආවොත් උදව් කරනවා. ඒකට තරාතිරමක් නැහැ. ඔය කියන විදිහට ක්ලබ් යන්නේවත් , මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නැහැ. 


ඔබේ හැසිරීම් වලට පවුලේ අය දොස් පවරන්නේ නැද්ද.?
බනිනවා. තාත්ත කයල තියෙන්නේ මගේ කිසි දෙකට මැදිහත් වෙන්නේ නැහැ කියල. ඒ වගේම තාත්තා කිසි කෙනෙකුට කතා කරලා උදව් ඉල්ලලත් නැහැ. මගේ යාළුවො එනවට බනිනවා. තාත්ත කිව්වොත් කිව්වම තමයි. 


ඒ වුනාට පවුලේ අය උසාවියටත් විත් හිටියා.
ආවා. මිනී මරල, අපරාධ කරලා නෙවෙයි නේ. කරදරයක් වුනාම පවුලේ අය ඉවත බලන්නේ නැහැ. 


ආරවුල් වලින් ගැලවිලා ඉන්න ක්‍රමයක් ඔබට ඇත්තෙම නැද්ද?
මම කලිනුත් කිව්වේ මම කිසිම ප්‍රශ්නයක් ඉල්ලලා ගන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති කරන්න මම ලගින් ගියත් ඇති. කිසිම පුද්ගලයෙක් එකම ආරවුලකට යන්නේ නැහැ. මම අනුන්ට පුළුවන් තරම් උදව් කරනවා. 


මේ වගේ සිදුවීමක් වුනාම ඔබට මොනවද හිතෙන්නේ.
මුහුණ දෙන්න බැහැ. එකයි රට යන්නේ. ගිය පාරත් එහෙමයි.මට හරිම පීඩාවක්. කරපු වැරද්දක් නම් කමක් නැහැ. නොකළ වැරැද්දකට චෝදනා කලාම එක හරිම පීඩාවක්. 


ඔබම කියනවා නම්, ඔබ කොයි වගේ කෙනෙක්ද?
කියන තරම් යකා කළු නැහැ. මම මිනිසුන්ට උදව් කරන කෙනෙක්. හැම කළු වලා කුලකම රිදී රේඛාවක් තියනවලු නේ. ඒවගේ මගෙත් හොද පැත්තක් තියනවා. මම වැරදි කරනවා නම් ඒක කිව්වට කමක් නැහැ. ඒවා පෙන්නා දුන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. 


මම කරන හොඳ මාධ්‍යයට නොපෙනෙන එකයි දුක. මමත් වෙන තරුණයෝ වගේමයි. විනෝදයට විවේකයට කැමතියි. සරල ජීවිතයට ,නිදහස් ජීවිතයට කැමති කෙනෙක්. 

"ඉරිදා ලංකාදීප" පාඨකයන්ට ඔබ යමක් කියනවාද?
ඔව්, ලංකාදීපය දැක්කෙත් මගේ වැරදි පැත්තක් විතරමයි. ප්‍රේමදාස මහත්තය කියපු කතාවක් තියෙනවා 'මාව ඝාතනය කරන්න මගේ චරිතය ඝාතනය කරන්න එපා'කියලා ඔහු කිව්වා. මේ මාධ්‍ය කරන දේවලින් මම පුදුමාකාර පීඩාවකට ලක්වෙලා ඉන්නේ. 


මට මුහුණ දෙන්න බැහැ. ඇත්තටම ගමක කොල්ලෝ දෙන්නෙක් ගහගත්තා නම් , වැඩිම උනොත් සමථ මණ්ඩලයට ගිහිල්ල ප්‍රශ්නය නිරාකරණය වෙනවා. එත් මට ගහන්න පුළුවන් උපරිම ප්‍රමාණයට මඩ ගහනවා. නහය කටින් ලේ එන්න , ගුටි කාල තියනවා , අතපය කඩාගෙන තියනවා. මමත් කොල්ලෙක් නේ. ඇයි මම දිහා අමුතු ඇහැකින් බලන්නේ. 

ඔබ පිටරටකට ගිහිල්ල ඉගෙන ගන්නේ අනාගත් අධ්‍යාපන ඇමති වීමේ අදහසින් කියලා තියනවා.
මිනිසුන්ට සිතීමේ අයිතිය තියනවනේ. පුද්ගලයන්ට විවිධ දේ හිතන්න පුළුවන්.
 
Related Posts with Thumbnails