Ads 468x60px

.

මන්තී‍්‍ර රන්ජන්ට ඒෂියාගෙන් බේසම් ප‍්‍රහාරයක්.

අදාල වලිය සුදේශ් රූගත කරලා...

නැගී එන නිළියක් වන ඒෂියා දසනායකගේ මුහුණේ රැවුලක් ඇඳ ජනපි‍්‍රය නළු හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක වතුර බේසම් ප‍්‍රහාරයකට ලක්වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

මොවුන් දෙදෙනාගේ මේ වලිය 28 දින කිරුළපන සිද්ධාර්ඨ මාවතේදී හටගෙන ඇති බවද පැවසෙනවා.කෙසේවුවද අදාල වලිය ප‍්‍රවීන අධ්‍යක්‍ෂ සුනිල් සෝම පීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් රූගත කර ඇති බවද වාර්තා වෙනවා.

සුදේශ් මෙය රූගත කර ඇත්තේ

සුනිල් ටී. ප‍්‍රනාන්දුගේ පනස් පස්වැනි නිර්මාණය වන ‘රන්ජා’ චිත‍්‍රපටය සඳහාය.රන්ජා හි ඒෂීයා චරිත මවන්නේ විහගි ලෙසය.

මෙහි රන්ජන් හා ඒෂියාට අමතරව ටෙනිසන් කුරේ, පියුමි බොතේජු, රිතූ ආකර්හා, පියුමි බොතේජු, වසන්ත කුමාරවිල, ශී‍්‍රමාල් වෙඩිසිංහ, රොබින් ප‍්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, දෙනුවන් සේනාධි, නිල්මිණි කෝට්ටේගොඩ, පේ‍්‍රමදාස විතාන, සඳුන් විජේසිරි, විනෝජා නිලන්ති, රොහානි වීරසිංහ, කිර්ති රංජිත්, හාන් බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරන හා දොන් ලීලාරත්න යන නළු නිළියෝ චරිත මවති.

මෙම චිත‍්‍රපටයේ කටාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්‍ෂණය සුදේශ් වසන්ත පීරිස් විසින් සිදුකරන අතර කැමරාකරණය ගාමිණී මොරගොල්ලාගම විසින් සිදු කරනු ලබයි.

මෙහි සටන් අධ්‍යක්‍ෂණය සරත් රණවීර විසින් සිදුකරනු ලබන අතර බාචි සුසාන්, ශානිකා මුධූමාලි, සුරංජි ශාමලී හා සුදේශ් වසන්ත පීරිස් විසින් ගීත ගායනා කරනු ලබයි.


DSC 0023
DSC 0033
DSC 0042
DSC 0043
DSC 0045
DSC 0046
DSC 0048
DSC 0048
DSC 0052
DSC 0053
DSC 0055DSC 0026
 
Related Posts with Thumbnails