Ads 468x60px

.

බෞද්ධ දරුවකු කුරානයේ කොටසක් පිලිස්සුවැයි ඉස්ලාමි භක්තිකයන් බෞද්ධ සිද්ධස්ථාන ගිනි තියලා

බෞද්ධ විරෝධි සටන් පාඨ කියමින් කුරානය පිලිස්සීමට ලක් කල බෞද්ධ දරුවාට සාප කරයි...

බෞද්ධයන් සිය ගම්මාන අතහැර පලා ගිහින්...

ඇඳිරි නිතියද පනවලා...

බෞද්ධ දරුවකු විසින් කුරානයේ කොටසක් පිලිස්සීමකට ලක් කර එම පිලිස්සූ කුරානයේ ඡයාරූපය ෆේස්බුක් මඟින් ප‍්‍රසිද්ධියට පත්කිරිම නිසා කෝපයට පත් බංගලාදේශයේ ඉස්ලාමි භක්තිකයන් බෞද්ධ සිද්ධස්ථාන හා ප‍්‍රතිමා වලට දැඩි ලෙස හානි පමුණවමින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මොවුන් බෞද්ධ විරෝධි සටන් පාඨ කියමින් කුරානය පිලිස්සීමට ලක් කල බෞද්ධ දරුවාට සාප කරමින් මෙසේ කලහකාරි ලෙස හැසිරුන බවත් එරට පොලිසිය විසින් වාර්තා කරනවා.

කලහකාරි පිරිස් මර්දනයට විශේෂ
පොලිස් කණ්ඩායමක්ද යොදා ඇති බවත් මේ වන විට තත්වය පාලනය කර ඇති බවත් පොලිස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ගැටුම් පහරදීම සිදු වූ ප‍්‍රදේශවල බෞද්ධයන් සිය ගම්මාන අතහැර පලාගාස් ඇති අතර එම ප‍්‍රදේශවලට ඇඳිරි නිතියද පනවා තිබෙනවා.මෙම සිද්දිය ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානයේද අර්බුදකාරි වාතාවරණයක් ඇති කිරිමට හේතු වි ඇති බවත් විදෙස් මාධ්‍ය තව දුරටත් පෙන්වා දී තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.


පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි.

ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේනව.

අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.




















 
Related Posts with Thumbnails